counter hit xanga
June 26, 2022

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට අනුබල දුන් රිෂාඩ්,රියාඩ් අත්අඩංගුවට!

Last Updated on April 24, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID අත්අඩංගුවට ගෙන තිබේ.ත්‍රස්තවාදී පනතේ ප්‍රතිපාදන අනුව එම අත් අඩංගුවට ගැනිම සිදුව තිබේ.

සෘජු හා විද්‍යාත්මක, පර්යේෂණ සාක්ෂි මත මෙම අත් අඩංගුවට ගැනිම සිදුකල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත නිවසේදී වන අතර රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

රියාජ් බදියුදීන් මීට ප්‍රථම ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන සිටි අතර පසුව හෝ රහසේම නිදහස් ව යෑම සම්බන්ධයෙන් සමාජයේ කතා බහට ලක්වුනා.