counter hit xanga

රිෂාඞ්,රියාජ් දින 90ක් රඳවා ගනී! දුරකථන සංවාද, බැංකු ගිණුම් පරීක්‍ෂාව හරහා සාක්ෂි රැසක්!

Last Updated on April 26, 2021 by Panduka Herath

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල ලබාදීම මූල්‍ය පහසුකම් සලසාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව CID අත් අඩංගුවර ගත් ර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ලබාගෙන තිබේ.

1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ විශේෂ විදිනිදාන පනතේ 9.1 වගනිත්ය යටතේ දින 90 ක් රදවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා නියෝගයක් ලබාගෙන තිබේ.

පෙරේදා (24 ) අලූයම මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ විශේෂ විධිවිදාන පනතේ 6.1 වගන්තිය යටතේ පැය 72 ක රැඳවුම් නියෝග මත රදවා ගනිමින් ප්‍රශ්ණ කිරිම් සිදුකරනු ලැබුවා.එහි ප්‍රගතිය මතයි දින90ක් සදහා අවසර ලබාගෙන ඇත්තේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් රිෂාඞ් බදියුදීන්ගෙන් සහ රියාජ් බදියුදීන්ගෙන් අත් අඩංගුවට ගත් මොහොතේ සිට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේදි අත් අඩංගුවට ගැනිමේ අවස්ථාවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතාද එක්ව තිබුන් අතර රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කථානායකවරයාටද දැනුම්දීමක් කර තිබේ.

සමගි ජනබලවේගයේ පාර්ශ්ව කරුවන් වන සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් පාස්කු ප‍්‍රහාරයේ ස්වයංඝාතකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ට මූල්‍ය පහසුකම් මෙන්ම විවිධ ආධාර උපකාර ලබාදුන් බවට චෝදනා එල්ලවී තිබේන අතර රියාජ් බදියුදීන්ද පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් සමඟ දුරකථන සම්බන්ධතා පවත්වමින් ඔවුන් සමඟ සමීපව කටයුතු කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වි තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ දුරකථන සංවාද බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම් මුදල් ගනුදෙනු, චෙක්පත් ගනුදෙනු ඇතුළු තවත් සම්බන්ධතා පිළිබඳව සිදුකළ දීර්ඝ පරීක්‍ෂණයකින් පසුව මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුනා.