counter hit xanga

එලියට ආ සැනින් රිෂාඩ් පෙත්සමක් ගොනු කරයි!

Last Updated on May 18, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CIDය දින 90 ක (detention order) රැඳවුම් නියෝග යටතේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අද (18) එලියට ආ සැනින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන්ට ඔහුන්ගේ එකඟතාව මත මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවස්ථාව ලබාදි තිබු අතර ඒ අනුව අද (18) රිෂාඩ් පාර්ලිමේන්තුවට රැගෙන විත් සිටියා.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ අප්‍රියෙල් (24) අලුයම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගත් අතර පැය 24ක ප්‍රශ්ණ කිරිම් වලින් අමතරව තවත් දින 90ක් සදහා රැදවුම් නියෝග ලබා ගැනිමට CID ය කටයුතු කළා.

පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් ලෙසයි ඒ හරහා ඉල්ලා ඇත්තේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පන්සියයක වන්දි මුදලක් ගෙවන ලෙස වගකිවයුත්තන්ට නියම කරන ලෙස ද ඔහු පෙත්සම මගින් ඉල්ලා තිබේ.

නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මගින් ගොනුකර ඇති මෙම පෙත්සම් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හී ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති, සහ නීතිපති මෙහි වගඋත්තර කරුවෝ කර තිබේ.