Last Updated on May 28, 2021 by Desman Chathuranga
පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බකරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දි තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන යාම අභියෝගයට ලක් කරමින් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දි තිබේ.
මේ අතර මෙම පෙත්සම විභාග කිරීමෙන් තමා වැළැකී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනක ද සිල්වා මහතා අද දැනුම් දී තිබේ.
පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ අප්‍රියෙල් (24) අලුයම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගත් අතර පැය 24ක ප්‍රශ්ණ කිරිම් වලින් අමතරව තවත් දින 90ක් සදහා රැදවුම් නියෝග ලබා ගැනිමට CID ය කටයුතු කළා.
පසුව විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන්ට ඔහුන්ගේ එකඟතාව මත මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවස්ථාව ලබාදි තිබු අතර ඒ අනුව පසුගිය (18) රිෂාඩ් පාර්ලිමේන්තුවට පැමිණි අතර එදිනම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
http://buystromectolon.com/ – Stromectol
priligy tablets online
Cephalexin Reactions
plaquenil buy online
[url=http://cheapdrugs.store/#]non prescription ed pills[/url]
stromectol 3 mg tablets price stromectol for humans for sale stromectol without a doctor prescription
how does cialis work generic tadalafil 20mg india
ivermectin generic purchase ivermectin
https://erectionpills.best/# ed treatments
https://cipro.best/# purchase cipro
https://cipro.best/# ciprofloxacin over the counter
prescription drugs online without doctor medicine for ed