counter hit xanga

නීතියට බලපෑම් කරන්නැයි රිෂාඩ්ගේ බිරිඳ ජනපතිට කියයි!

Last Updated on May 3, 2021 by Desman Chathuranga

තම සැමියා හා ඔහුගේ සහෝදරයා නිදහස් කර ගැනීමට අදාළව නියෝගයක් නීතිපතිවරයාට ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් මහත්මිය ලිපියක් යොමුකරමින් කියා සිටි. තම සැමියා නීතිවිරෝධී ලෙස අයුක්තිසහගතව අත්අඩංගුවට ගත් බවත් එම ලිපියේ සදහන් කර තිබේ.

ඇය සිය නිවේදනය හරහා මතබේදයකට තුඩු දි තිබේන රජයේ ආයතනවලින් ඉවත් කෙරෙන තඹ, පිත්තල, ලෝකඩ, ඇලුමිනියම් ආදිය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය දැනුවත්ව Colossus pvt ltd නැමති කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් ඉන්ශාෆ් අහමඩ්ට අයත් සමාගමකට ලබාදිම සම්බන්ධයෙන් රිෂාඩ් බද්යුදීන්ට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් රිෂාඩ්ගේ බිරිද වන අයිෂා රිෂාඩ් සිය ලිපිය හරහා පැහැදිලි කිරිමක් කර තිබේ.

2019 මාර්තු 27 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වු ඉවත දමන ලෝහමය ද්‍රවය අපනයනය කිරිම සදහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිමට අදාළව සිදුකරන ලද සාකච්ඡාවක් සදහා එවකට වගකිම දරණ අමාත්‍යවරයා ලෙස තම සැමියා එම අවස්ථාවට සහභාගි නොවු බවත් ඊට හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ අමාත්‍යවරයා වන රිෂාඩ් බදුයුදීන් එම සාකච්ඡාව් පිළිබඳව දැනුවත් නොසිටි බවයි.

කෙසේවෙතත් අදාළ හමුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා, අතිරේක ලේකම් සහ අපනයනකරුවන් සමග පැවැති බවද ඇය සදහන් කර තිබේ.

අදාළ සාකච්ඡාවෙන් පසුව සමාගම් 3ක් සදහා ඉවත දමන ලෝහමය ද්‍රවය අපනයනය කිරිම බලපත්‍ර නිකුත් කල බවත් Colossus pvt ltd නැමති සමාගමද ඒ අතර තිබු බවත් එහි අයිතිකරු වන ඉන්ශාෆ් අහමඩ් පසුකලක සහරාන් සමග එක්ව මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරිමට සම්බන්ධ වි සිටි බවත් ඒ අනුව එහි වගකිම බලපත්‍ර නිකුත් කිරිමට දායක වු පිරිස දැරිය යුතු බවද ඇය සදහන් කර තිබේ.

සාකච්ඡාව පැවැති 2019 මාර්තු 27 සහ ඊට පසුදින් එනම් මාර්තු 28 වැනි දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ අතිරේක ලේකම් බාලසුප්‍රමනියම් (කර්මාන්ත සංවර්ධන) දුරකතනයෙන් අමාත්‍ය රීෂාඩ් බදුයුදින්ට ඇමතුම් ලබාගත්තද කිසිවිටකත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ Colossus pvt ltd සම්බන්ධයෙන් සංවාදයේ නොයෙදුන බවයි. ඇය එය එතරම් තහවුරු කර අවධාරණය කරන්නේ කෙසේද යන්න මවිතය දනවන කාරණාවකි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාද් බදියුදීන් කලින් කී කතාව…..

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් ඉන්ශාෆ් අහමඩ් විවාහ වී සිටියේ තම පවුලේ දුර ඥාතිකමක් ඇති දියණියක් සමග බව ද එම විවාහ මංගල්‍යයට තමන් සහභාගි වූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාද් බදියුදීන් මහතා මිට පෙර විමර්ශන වලදි පිලිගත් අතර 2019 වසරේ පෙබරවාරි මාසයේ දිනයක තමාට දුරකථන ඇමතුමක් ලබා දී තම සහෝදරයා වන එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට අවස්ථාවක් ලබා දිය හැකිදැයි විමසූ නමුත් තම සහෝදරයා එකල කාර්යබහුල වූ බැවින් එසේ හමුවීමට අවස්ථාවක් ලබාදිය නොහැකි වූ බව තම්න් සදහන් කල බවද දැනට රදවාගෙන ප්‍රශ්ණ කරන රියාද් බදියුදීන් එම විමර්ශන වලදි සදහන් කර තිබුනා.

පසුව 2019 මාර්තු 01 වැනිදා ඉන්ශාෆ් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී එදින සවස ඔහු අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යාංශයට පැමිණෙන බව දැනුම් දුන් බව ද රියාද් බදියුදීන් අනාවරණය කර තිබුනා.

අදාළ ලිපියේ රීෂාඩ්ගේ බිරිඳගේ නම සදහන්ව ඇත්තේ Ayesha Rishad ලෙස වුවද ඈයගේ නම Kider Mohammed Shabadeen Aisha වන අතර ඒ අනුව අඩුම තරමේ එම නම Aisha Rishad ලෙස සටහන් විය යුතුය.