Last Updated on May 16, 2021 by Desman Chathuranga
ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයේ සිදු කරන ජනඝාතන සහ ප්රකෝපකාරීත්වයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. එම නිවේදනයේන් අවධාරණය කර ඇත්තේ එය පලස්තීනයට අයත් ප්‍රදේශ වල පමණක් නොව මුළු මැදපෙරදිග කලාපයේම ජන සංහාරක යුද්ධයක අවදානම නැවත වරක් ඉස්මතු කිරිමක් බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
පලස්තීනයට ජීවත් වීමට ඉඩදෙනු!
ගාසා තීරයේ ජන ඝාතන හෙලා දකිමු!
ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයේ සිදු කරන ජනඝාතන සහ ප්රකෝපකාරීත්වයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. පසුගිය 11 වන දා ඊශ්‍රායලය පලස්තීනයට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ගාසා තීරයේ ගොඩනැගිලි සංකීර්ණ තුනක් මුළුමනින්ම පාහේ විනාශ කරමින් දැවැන්ත විනාශයක් සිදු කරවමිනි. මේ වන විට ගැටුම්වලින් කුඩා දරුවන් ඇතුළුව අවම තරමින් පලස්තීනුවන් 122 දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් 08 දෙනෙකු මියගොස් තිබේ. ගාසා තීරයේ පාලනය හිමි හමාස් සංවිධානය විසින් එල්ල කරන රොකට් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස යැයි පවසමින් ගාසා තීරය ආක්‍රමණය කිරීම සඳහා සිය පාබල හමුදා යැවීමට ඊශ්‍රායල පාලකයන් මේ සතියේදී තීරණය කර තිබේ. ඒ අනුව එරට ප්රබලතම හා භයානකම පාබල හමුදා බලඇණිය වන ගෝලාන් පාබල බලඇණිය මේ වනවිටත් ගාසා තීරයේ දේශසීමාවල රඳවා සිටින බවද, දේශසීමාවල රැඳී සිටිමින් ගාසා තීරය දෙසට සිය ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙන බවද මාධ්‍ය වාර්තා කර තිබේ. එය පලස්තීනයට අයත් ප්‍රදේශ වල පමණක් නොව මුළු මැදපෙරදිග කලාපයේම ජන සංහාරක යුද්ධයක අවදානම නැවත වරක් ඉස්මතු කර තිබේ.
Israel continues to target civilians in Gaza#FreePalaestine #GetReadyForPalestine pic.twitter.com/vyOvXAVBDb
— Amir Khan (@amirkhantweets) May 16, 2021
සිය ගෝලීය ප්‍රාග්ධන අභිලාෂයන් වෙනුවෙන් ලොව පුරා ආර්ථික දඩබිම් සහ දේශපාලන උපායමාර්ගිකව වැදගත් බිම් ආක්‍රමණය කරන අධිරාජ්‍යවාදී බලවතුන් ඒ සඳහා එම රටවල නොනවතින යුද්ධ ඇති කරයි. වත්මන් පලස්තීනය ඒ සඳහා වන හොඳම නිදසුනකි.
දෙවන ලෝක යුද්ධ සමයේ නාසිවාදීන්ගෙන් හිරිහැරයට පත් යුදෙව්වන් මැද පෙරදිග බි්රතාන්ය පාලනයට නතුව තිබූ ”බි්රතාන්ය පලස්තීනයට” ( British Palestine ) සංක්‍රමණය වූ අතර ඔවුන්ගෙන් අති බහුතරය දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාරයෙන් පසුව අනාථයන් ලෙස පැමිණි පිරිස් විය. පසුව 1947දී බි්රතාන්යයන් පලස්තීනය හැර ගියේ අරාබි ජාතිකයන් සහ යුදෙව් ජාතිකයන් අතර ගැටුමක් නිර්මාණය කරමිනි. ඉන් අනතුරුව යුද්ධය හරහා අල්ලා ගත් පලස්තීනයේ සම්ප්‍රදායික භුමිය තුළ 1948 මැයි මස 14 වන දින යුදෙව්වන්ගේ රාජ්‍යය ලෙස ඊශ්‍රායලය ප්‍රකාශයට පත්කෙරිණි. ඉන් අනතුරුව 1948දීම හා පසුව 1967දී තව තවත් භුමි ප්‍රදේශ ඊජිප්තුව, සිරියාව, සහ ජෝර්දානය යන රටවලින්ද පලස්තීනයෙන්ද අල්ලා ගනිමින් ඊශ්‍රායලය විශාල විය. මේ සමස්ත ක්‍රියාදාමය පිටුපස අධිරාජ්‍යවාදී බලවතුන් සිටි අතර ඔවුන්ගේ අරමුණ වුයේ මැදපෙරදිග කලාපය තුළ අරාබි නොවන රාජ්‍යයක් පිහිටුවීම සහ එය ඉත්තෙකු ලෙස භාවිතා කරමින් ඛනිජ තෙල් ඇතුළු සම්පත් පාර්ශවයෙනුත්, යුද-දේශපාලන උපායමාර්ගික වැදගත්කම අතිනුත් වටිනා මැදපෙරදිග සිය පාලනයට නතු කර ගැනීමය. මේ අධිරාජ්‍යවාදී අරමුණු වෙනුවෙන් අද වනවිට පලස්තීනය බටහිර ඉවුරට හා ගාසා තීරයට පටුවී තිබෙන අතර නිරන්තර යුද ගැටුම් හරහා දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙමින් තිබේ. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙත නිල හා නොනිල සහය දක්වමින් පලස්තීන ජනතාව මත පීඩනය යොදවමින් සිටින අතර ඒ සඳහා හොඳම නිදසුන 2020 වසරේදී ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද බටහිර ඉවුරේ භූමිය ඈඳා ගැනීමේ සැලැස්ම වන ”සියවසේ ගනුදෙනුව” ( Deal of the Century ) යි. එය පිළිගත් ජාත්‍යන්තර සම්මුති සියල්ලට පටහැනි කුමන්ත්රණකාරී උත්සාහයක් විය.
පලස්තීනයේ එක් කොටසක් වන ගාසා තීරුවේ බලය හමාස් සංවිධානය විසින් හොබවන අතර බටහිර ඉවුරේ බලය හොබවන්නේ ෆාටා සංවිධානය විසිනි. ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාව හා බටහිර රටවල් සියල්ල පලස්තීන නායකත්වය ලෙස පිළිගනු ලබන්නේ ෆාටා හි නායක හා පලස්තීන ජනාධිපති මොහමඞ් අබ්බාස් පමණි. ධනපති මාධ්‍ය සියල්ල හමාස් සංවිධානය ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයක් ලෙස හඳුන්වන විට අමතක කෙරෙන්නේ පලස්තීන විමුක්ති සංවිධානයට එරෙහිව හමාස් ගොඩ නැගීමේ ආරම්භක කාර්යභාරය ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කෙරුණු බව සහ 2007 වසරේදී පලස්තීනයේ ප්‍රධාන දේශපාලන සංවිධාන දෙක අතර හටගත් යුද්ධයෙන් ගාසා තීරුවේ බලය සම්පූර්ණයෙන් අත්පත්කර ගැනීමට හමාස් සංවිධානය සමත් වීම පසුපසද එක්සත් ජනපද ක්‍රියාවලියක් තිබුණු බවයි. අල්ඛයිඩා සහ තලේබාන් සංවිධාන වලට මෙන්ම දැන් හමාස් සංවිධානයට අදාලවද අධිරාජ්‍යවාදීන්ගේ පිළිවෙත වන්නේ තමන්ම මැවූ සංවිධාන සතුරා කරගෙන කොල්ලකාරී යුද්ධ දියත් කිරීමයි.

මේ අධිරාජ්‍යවාදී බලපොරය ඉදිරියේ පලස්තීන ජනතාව දැවැන්ත පීඩනයකට හා මර්දනයකට ගොදුරුව සිටී. කාලයක් තිස්සේ පවතින ආර්ථික සම්බාධක නිසා ගාසා තීරයට අත්‍යවශ්‍ය ඖෂධ සහ ගොඩනැගිලි ඉදි කිරීමේ ද්‍රව්‍ය පවා නොලැබේ. නිරන්තරයෙන් ඔවුන්ගේ නිවාස වලින් එලවා දැමීම් සහ ළමුන් මරා දැමීම් වාර්තා වේ. ආසන්න ගැටුමට හේතුවද පලස්තීන උද්ඝෝෂකයන් වෙත මර්දනය කැඳවීමට ඊශ්‍රායල පොලීසිය ක්‍රියා කිරීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවයි. පලස්තීන ජනතාව මත මර්දනය පටවන අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලට ප්‍රතිචාර දැක්වීම සඳහා ආගමික මූලධර්මවාදය මත පදනම් වීම ප්‍රශ්නයට පිළිතුරක් නොව විනාශය උග්‍ර කරවන්නකි.
මේ අර්බුදයට සැබෑ විසඳුමක් ගොඩ නගා ගත හැක්කේ දෙරටේ පාලක පන්තියේ ජාතිවාදී හා ආගම්වාදී වැඩපිළිවෙල තුළ ගොනුවීමෙන් නොව වැඩකරන ජනතාවගේ පුළුල් සමගිනි. මැදපෙරදිග කලාපයේ ලේ වැකි යුද්ධය මගින් පීඩාවට පත්වන පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අප පක්ෂය අධිරාජ්‍යවාදීන්ගේ ජන ඝාතක යුද්ධයට තිත තැබීමට සහ පලස්තීන ජනතාවගේ සාධාරණ අයිතීන් ආරක්ෂා කිරීමට එක්වන ලෙසත්, දෙරටේම දක්ෂිනාංශික පාලන තන්ත්ර වල සහ සංවිධාන වල මෙන්ම සියොන්වාදයේ හා ඉස්ලාම් මූලධර්මවාදයේද උගුලෙන් නිදහස්ව පලස්තීන ප්‍රශ්නයට වඩා සාධාරණ විසඳුමක් වෙනුවෙන් සමගි වීමට පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ වැඩකරන ජනතාවට ආයාචනා කරමු. අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික-දේශපාලන-යුදමය අරමුණු වෙනුවෙන් ලෝකය පුරා ගෙන යන කොල්ලකාරී ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තියට සහ ජන සංහාරක යුද්ධ වලට එරෙහිව ලෝක පරිමාණ ජන බලයක් ගොඩ නැගීමට එක්වන ලෙස ලෝකයේ සියලූ ප්රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම මේ මර්දනය හමුවේ පලස්තීනයේ ජනතාවට ලාංකීය ජනතාවගේ සහයෝගීතාව ප්‍රකාශ කර සිටිමු.
මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2021 මැයි 15

http://buystromectolon.com/ – Stromectol
Priligy
plaquenil side effects mayo clinic
cheapest generic cialis tadalafil
stromectol australia cost of stromectol medication
levitra vs cialis vs viagra price of cialis 20 mg
cialis over the counter at walmart cialis/dapoxetine
https://withoutprescription.store/# canadian drugstore online
https://diflucan.icu/# diflucan generic costs
https://diflucan.icu/# diflucan where to buy uk
treatment for erectile dysfunction male dysfunction
buy doxycycline doxycycline for sale