counter hit xanga
February 5, 2023

පාරේ යන අය PCR හෝ LAMP පරික්ෂණ කරන්න!

Last Updated on June 4, 2021 by Desman Chathuranga

රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීම සදහා වහාම වැඩපිළිවෙළක් සකස් කලයුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කර සිටි. (Drive through test) එනම් අතරමගදී පරික්ෂණ හරහා අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු පෙන්වා දෙනවා.

රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

අඩු වියදමකින් සහ අඩු කාලයකින් එම පරීක්ෂණ කළ හැකි LAMP තාක්ෂණය කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය සඳහා භාවිතා කළ හැකි අලුත්ම පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් මේ තාක්ෂණය මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

LAMP පරීක්ෂණ

(LAMP) යනු PCR පරීක්ෂාවට සමාන ක්‍රියාවලියක් වන අතර නාසයෙන් හෝ උගුරෙන් සාම්පල ලබා ගැනීම සඳහා ස්පුබ් එකක් භාවිතා කරයි, නැතහොත් තද කැස්සෙන් ඇති ශ්ලේෂ්මල ද භාවිතා කළ හැකිය. නමුත් එය PCR පරීක්ෂණය සඳහා තරම් ශක්තිමත් විය යුතු නැත.

ඉන්පසු සාම්පල ප්‍රතික්‍රියාකාරක කුප්පිවල (ආර්එන්ඒ හඳුනා ගැනීම සඳහා රසායනික ප්‍රතික්‍රියාවක් නිපදවන ද්‍රව්‍ය) තැන්පත් කර විනාඩි 20 ක් විශේෂ යන්ත්‍රයක රත් කරනු ලැබේ. පසුව නියැදිය විශ්ලේෂණය කර SARS-CoV-2 RNA තිබේදැයි තහවුරු කර ගැනිමට හැකිය.