Last Updated on June 8, 2021 by Desman Chathuranga
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දිනයක අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතව බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා හදිසි සත්කාර ඒකකයෙහි අවශ්‍යතා සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගය කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම ප්‍රකාශ කර නැතත් රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසය තුළ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බවයි.
කෙසේවෙතත් අද (08) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට කලින් යොදාගෙන සිටියද නොවැලැක්විය හැකි හේතුවන් නිසා එය නතර කිරිමට සිදු වු බව එජාප ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළා. මේ සතිය තුල එක් දිනක් පමණක් පාර්ලිමේන්තුව පැවැත්විමද එයට හේතුවක් වු බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායකත්වය සමග සාකච්ඡාවක සිටින බවත් එහිදි ඇතිකරගන්නා එකඟතාවන් සම්බන්ධයෙන්ද මේ වනවිට අවධානය යොමු කිරිමට පක්ෂ නායකත්වය කටයුතු කරමින් සිටින බවයි. මිට අමතරව සුළු පක්ෂ නායකයන් සමග හමුවක්ද ඉදිරි දින කිහිපයේදි පැවැත්විමට නියමිත බවද ඔහු සදහන් කළා.
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර