Last Updated on May 24, 2021 by Desman Chathuranga
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ආර්‍යාවට කොවිඩ් වැලදී ඇත.අප ඒ පිළිබඳව කණගාටු වෙමු. මන්ද මේ මවුබිමේ ජිවත් වන කිසිවෙකුත් එම් වෛරසයෙ පීඩා නොවිදිය යුතු බව අපගේ මතයයි. ජනාධිපතිවරයාගේ සිට රජයේ සියලුම දෙනා පාහේ සජිත්ට සහ ආර්‍යාවට ඉක්මන් සුවය පතා ඇත.ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේන් අපට හිමිවු දායාදයකි.
නමුත් කොරෝනා පලමු රැල්ලේ සිට සජිත් ඇතුලු විපක්ෂයේ කල්ලිය කොරෝනාවෙන් ආණ්ඩුව වට්ටන්නට උත්සහ කලා මිසක කොරෝනාවෙන් තමනුත් ගැලවි රටත් ගලවා ගන්නා අකාරයක් පිලිබඳව ලොකු අවධානයක් යොමු නොකල බව නොරහසකි.පැකිනිල් බිමේ සිට මහ පාරේ උද්ඝෝෂණ කිහිපයක්ම සංවිධානය කිරිමත් තමන්ගේ ව්‍යාපාර තුල කොවිඩ් පොකුරු ඇති බව දැන දැනම එම වගකිම් පැහර හැරි ආර්‍යාවත් කර ඇත්තේ කොරෝනාවට අත වැනිමකි.
තමා කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් බව පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. කෙසේ වුව ද විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාසට කොවිඩ් ආසාදිත වී ඇති බව ඊයේ (23) නිවේදනය කළේ ය.
ප්‍රේමදාස යුවලට කොවිඩ් වැළඳුණු පුවත සමග ම තවත් පුවතක් ද සමාජ මාධ්‍යවල මෙන් ම කොළඹ ප්‍රභූ කණ්ඩායම් අතර පැතිර ගියේ ය. ඒ මොවුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම පිටුපස ඇත්තේ බෝන් එගේන් නැමති ආගමික බලපෑමක් මත බවය. ඔහුන්ගේ අගමික මත සම්බන්ධයෙන් අපට එතරම් දැනුමක් නොමැත.තමන් කැමැති ආගමක් ඇදහීම යනු කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැ කි පරම අයිතියකි. ඒ අයිතිය සජිත් ප්‍රේමදාසට ද තිබේ. එහෙත් සමාජයේ පැතිර යන පුවත් අසත්‍ය නම් වහා ඒවා නිවැරදි කිරීම විපක්ෂ නායකවරයාගේ වගකීම ය. නමුත් ඇතැම් දේ හැසීරිම මත තීන්දු කිරිම රටේ ජනතාවට බාරය.
ආගමික විශ්වාසය…
මේ වන විට ලොව පුරා ඉවැන්ජලිකල් සහ බෝන් එගේන් ක්‍රිස්තියානි කණ්ඩායම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් තිබේ. ඔවුන් විශ්වාස කරන පරිදි එන්නත් ලබා ගැනීම යනු “මට දෙවියන් වහන්සේ විශ්වාස නැත. මගේ ආත්මය පවිත්‍ර නැත.” යන්න ඔහුන්ගේ පරම විශ්වාසය වි තිබේ.
මේ නිසා එම ආගමික කණ්ඩායම් අතර කොවිඩ් මර්දන එන්නත්කරණ ව්‍යාපාරය පෞද්ගලික සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ගැටලුවකට වඩා ඔවුන්ගේ ආගමික විශ්වාසය, ආගම ඇදහීම ප්‍රශ්න කරන මහා අර්බුදයක් බවට පත්ව තිබේ.
එය ඇමරිකාවේ මෙන් ම ලොව පුරා කොවිඩ් මර්දන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර මෑතක උගන්ඩාවේ රෝහලකට ලබා දුන් එන්නත් 5000කින් අතරින් ජනතාවට ලබා ගෙන ඇත්තේ 400ක් පමණි. දැඩි ඉවැන්ජිකල් ආගමික භක්තිකයින් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම එයට හේතුවයි.
දැන දැන කොරෝනා පැතිරු හැටි… මැයි 14 සිට 20 දක්වා
අර්‍යාවට ආයතනයක් තිබේ.එය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වු එකක් බව ප්‍රකටය. පසුගිය 14 වැනිදා එම ආයතනයේ කාර්යය මණ්ඩලයට කොවිඩ් ධනාත්මක බව හදුනාගෙන තිබේ.පසුව 15 වැනිදා සිට එම ආයතනය වසා දැමිමට තිරණය කර තිබේ. නමුත් නිරන්තර එහි යන සජිත් සහ ආර්‍යාව තමන් ගැන පරික්ෂණ කර ගැනිමට හෝ ස්වයං නිරෝධායනයකට යොමුවිමට කටයුතු කර තිබුනේ නෑ. ඒ වෙනුවට පක්ෂ රැස්විම් පැවැත්විම, පාර්ලිමේන්තුවට පැමිණිම, උද්ඝෝෂණ පැවැත්විම පමණක් නොව මහජන හමු මෙන්ම පසුගිය 19 වැනිදා රණවිරු සැමරුමට මෙන්ම , විපක්ෂයෙන් හුස්මක් කියමින් වෛද්‍යවරුන්ගේ ජිවිතද අවදානමකට ලක්කර තිබේ.
සමගී ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් සදහන් කරන්නේ ජලනි ප්‍රේමදාස නිල නොවන පක්ෂ නායිකාව ලෙස ක්‍රියා කරන බවත් පක්ෂයේ කාන්තා අංශය වන සමගි වනිතා බලවේගයේ නායිකාව ලෙසද ඇය පක්ෂයේ නිල නොවන තීරණ ගන්නා කමිටුව (Kitchen Working Committee) රැස් වන්නේද ජලනිට අයත් කියන් ඉහත් රූපලාවණ්‍ය මධ්‍යස්ථානය තුලය.
වරදට දඩුවම!
ඒ අනුව ගත්කල දණ්ඩ නීති සංග්‍රහයේ 262, 264 වගන්තිය යටතේ සජිත් සහ ජලානි වරදක් කර ඇති බවට සැකයක් නැත. නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පුද්ගලයෙකුට රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වූ විට අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය කුමක්ද?
ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ඕනෑම රෙගුලාසියකට පටහැනිව, නීත්‍යානුකූල බලයක් හෝ නිදහසට කරුණක් නොමැතිව ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලැබිය හැකි වරදකි. යම් පුද්ගලයෙකුට රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වුවහොත් ඔහුට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකි අතර, වරදකරු වුවහොත් මාස හයකට නො ඉක්මවන දැඩි හෝ සරල සිර දඩුවමක් හො දඩයක් හෝ දෙකම නියම කළ හැකිය.
විකල්පයක් ලෙස, දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි අතර එමඟින් ජීවිතයට අනතුරුදායක වන ඕනෑම රෝගයක ආසාදනය පැතිරවීමට ඉඩ ඇති ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස සිදු කිරීම වරදකි.
කෙසේ වෙතත් සාමන්‍ය ජනතාව නිකටෙන් පහලට මාස්ක් එක දැමූවිට එය හේතුකොටගෙන කුදලාගෙන යන පොලිසිය හෝ ඒවා වීඩීයෝ කරමින් ඒ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කෙලෙසන මාධ්‍ය සජිත් සහ ජලනිගේ නිරෝධායන නීති උල්ලංඝනය ගැන මීක් කියන්නේ නැත. අපේ රටේ මාධ්‍ය, විපක්ෂය සහ ආණ්ඩුව යන සැමට පුරවැසියාට වඩා ඩීල් එක ලොකුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙව් රටක ඉපදීමේ පව ගෙවිය යුතු වන්නේ පුරවැසියාය.
how much does ivermectin cost buy ivermectin online
https://withoutprescription.store/# pain medications without a prescription
https://erectionpills.best/# medicine for erectile
https://cipro.best/# buy cipro