counter hit xanga
June 26, 2022

සජිත්ගෙන් ජනපතිට ඇමතුමක්! පැයක් තිස්සෙ කියවලා! කියපු දේ මෙන්න…

Last Updated on May 1, 2021 by Panduka Herath

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන දුරකථන ඇමතුම සමාන්‍යයෙන් ඉතා කෙටි ඇමතුම් වේ. මන්ද ගෝඨාභය මහතාද සමාන්‍යයෙන් ඇමතුම් වලට ඉක්මනින්ම පිළිතුරු දිම පුරුද්දක් කරගෙන තිබේ.

කෙසේවෙතත් ගෙවුණු සතියේ ජනපතිගේ දුරකතයනයට පැමිණි ඇමතුම කෙටි එකක් නොවුනී. පැයකට ආසන්න කාලයක් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයේ නිරත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පැයකට ආසන්න කාලයක් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ට දුරකථනයෙන් කතාකොට හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති අතර හරීන් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන ලෙස විපක්ෂ නායකවරයා ජනපතිගෙන් ඉල්ලා තිබේ. සජිත්ගේ දිර්ඝ කතාව අසා සිටි ජනාධිපතිවරයා කියා ඇත්තේ තමාට හෝ රජයට එවැන්නක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. එසේම පොලීසියෙන් යම්කිසි පරීක්ෂණයක් සිදුකරනවා නම් ඊට සහයෝගය ලබාදෙන ලෙස හරින්ට කියන්න යැයි ජනපති විපක්ෂ නායකට කියා තිබේ.

කෙසේවෙතත් දිගින් දිගටම අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දිග කතා කියා ඇති අතර අමාරුවෙන් උනත් ජනාධිපතිවරයා එය අසාගෙන සිටි බවයි වාර්ත වන්නේ.

මේ අතර නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හට හදවත් සැත්කමක් සිදු කොට තිබේන බවට අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබේ.

හදවත් සැත්කමට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එහි සදහන් කර තිබේ.

සැත්කම සිදුකර ඇත්තේ, විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසින් වන අතර හරින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ඇතුළු ඔහු වෙනුවෙන් ඉක්මන් පැතූ සියලුදෙනාට ස්තුති කර ඇත.