counter hit xanga
March 26, 2023

43ට ගේම දෙන්න 56 එයි! පාඨලීට අංගොඩ යන්නත් කියයි! ජනපති අපේක්ෂක සිහිනයට කෙලවුනු සජිත්ගේ අලුත්ම මෙහෙයුම.

Last Updated on May 1, 2021 by Desman Chathuranga

සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ තවමත් ලංකාවේ ජාතිකවාදී කදවුර නියෝජනය කරන සිංහල බෞද්ධ පෙනුම සහිත පාඨළී චම්පික රණවක අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා විමේ පැවැති සීතල යුද්ධය අද වනවිට කරලියට පැමිණ තිබේ.

2024 දි ඇතිවන තීරණාත්මක තත්ත්වයට මුහුණ දිම සදහා චම්පික උගතුන්ගෙන් සහිත 43 වන සේනාංකයක් නිර්මාණය කල අතර එම සේනාංකයට අණදෙන්නේ නීතිඥ ශීරාල් ලක්තිලකය. එන පොට හොද නැති බව දැනගත් සජිත් පසුගිය දින කිහිපයේම තමන්ගේ කකුලෙන් අදින අය සිටින බව කියමින් තැන තැන මාධ්‍ය හමුවල විවිධ කතා කී අතර අද වනවිට සිය සමිපතම Facebook බලකාය හරහා සaජුවම චම්පිකගේ 43 වන බලකායට සහ චම්පිකට පහර දි ඇති අතර චම්පිකගේ 43 වෙනුවට සජිත් 56 සේනාංකයක්ද හදුන්වා දි තිබේ.

වරලත් ඉංජිනේරු රත්ගම MC සජබයේ UNP නැමති කණ්ඩායමක් හරහා සමාජ ජාලා වලට මුදාහැර තිබේන සටහනේ දැක්වෙන්නේ

“යාන්තම් UNP චන්ද වලින් 05 වැනියා වූ කෙනෙක් ජනාධිපති වෙන්න සිහින මවයි නම් ඔහුගේ මොලේ පරික්ෂා කරන්න අංගොඩ යැවිය යුතුයි. (කොළඹ මානාප 65 574 ගෙන පාඨලී පාර්ලිමේන්තුවට පත්වුනේ 5 වන ස්ථානයට.) එවන් කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න මොරදෙන එවුන්ට ඊටත් වඩා පිස්සුය.” යනුවෙනි. විපක්ෂයේ කවුරුන් පොර වෙන්නට ගියත් අපට කමක් නැත. මන්ද ඔහුන්ට පොර විමට හැක්කේ සියයට 20කටත් අඩු පිරිසක් අතර පමණක් වන නිසාය. පොරවෙන්න පොරකැමේන් සිදුවන්නේ තියේන සියයට 20ද නැති විම පමණක් බව කෙටියෙන් සටහන් කර තබමු.

මුදාහැර තිබේන Post එකට අනුව එක දෙයක් පැහැදිලිය ඒ සිහිනෙන් හෝ දකින්නට ඇති ජනපති අපේක්ෂකත්වයද දකින්නට නොහැකි විමට සජිත්ට ඇති එකම අභියෝගය චම්පික බවය.

සමාජ ජාලාවලට එක් කර තිබේන සටහන සහ ඡායාරූපය

ඉතාම දුර්වල,පාක්ෂිකයින්ගේ දැඩි අප්‍රසාදයට පත්වූ සෙවල නායකයෙක් වූ රනිල් එක්ක කරපු සෙල්ලම් ඉතාම ශක්තිමත්,පාක්ෂිකයින්ගේ ප්‍රසාදය දිනාගත් ජනප්‍රිය නායකයෙක් වූ සජිත් එක්ක කල නොහැක.

යමෙක් ජනාධිපති වෙන්න සිහින මවන්නේ නම් ඔහු පළමුව කල යුත්තේ තමුන්ගේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගෙන පළමුවැනියා වීමයි.මක්නිසාදයත් ජනාධිපති වෙන්න නම් මුළු රටෙන්ම වැඩිම චන්ද ගෙන පළවෙනියා වියුතු නිසයි.දිස්ත්‍රික්කයෙන් පළවෙනිය වෙන්න බැරිව, යාන්තම් UNP චන්ද වලින් 05 වැනියා වූ කෙනෙක් ජනාධිපති වෙන්න සිහින මවයි නම් ඔහුගේ මොලේ පරික්ෂා කරන්න අංගොඩ යැවිය යුතුයි.එවන් කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න මොරදෙන එවුන්ට ඊටත් වඩා පිස්සුය.උන්ට අංගොඩ යවලවත් ඒ පිස්සුව සනීප කල නොහැක.සජබයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඒකාන්ත වශයෙන්ම සජබයේ නායක මෙන්ම විපක්ෂ නායක ලෙස හා එජාපයේ හිටපු නියෝජ්‍ය නායක ලෙස හොඳට තෙම්පරාදු වෙමින්, පියවරෙන් පියවර සිය පියා මෙන්ම දුෂ්කර වූ කටුක මගක් ගෙවා පැමිණි සජිත් ප්‍රේමදාස මහතා මිස වෙන කිසිවෙකු නොවේ. පොදු අපේක්ෂක කතා දැන්ම නතර කලේ නැත්නම් ඔය සිහින ජනාධිපති අපේක්ෂකයින්ට සිඳු වන්නේ ඊළඟ මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලබාගෙන කොලේ ඉරාගෙන ගෙදර ඉන්නය. UNP අපි ඉතා විමසිල්ලෙන් ඉන්නේ මේ වගේ අය ගැන. සජිත් මැතිතුමාට අපහාස කරමින් මෙවන් පොස්ට් දාන සිහින ජනාධිපති අපේක්ෂකයින්ගේ වගකීම වනුයේ,අපේ ජනාධිපති අපේක්ෂකයා නිසැකවම මීළඟ ජනාධිපති වන සජිත් ප්‍රේමදාස මහතා බව සිය අනුගාමිකයින්ට ප්‍රසිද්ධියේ පවසා ඔවුන් නිහඬ කිරීමයි.එසේ නොකළහොත් අනුගාමිකයින්ගේ පවු වලට වන්දි ගෙවන්න වෙන්නේ සිහින ජනාධිපති අපේක්ෂකයින්ටය.

වරලත් ඉංජිනේරු රත්ගම MC සජබයේ UNP