counter hit xanga

හෙලිකොප්ටර් හතරක් ගැන සජිත්ට ප්‍රශ්ණයක්!

Last Updated on April 29, 2021 by Desman Chathuranga

ඇමරිකානු ඩොලර් ලක්ෂ හත්සිය විස්සක් වියදම් කොට රුසියාවෙන් හෙලිකොප්ටර් හතරක් ගෙන්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ඊයේ (28) නොච්චියාගම හොරුවිල ශ්‍රී තපෝධනාරාම රාජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ විපක්ෂනායකවරයා සදහන් කළේ මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුත්තේ හෙලිකොප්ටර් ගැන්වීමටද ජනතාවට අවශ්‍ය කොරෝනා එන්නත් ටික ලබාදීමට දැයි ආණ්ඩුව දැඩි ව කල්පනා කළ යුතු බවයි.

රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත විය යුතු බවත් එහෙත් මේ ව්‍යසනකාරී මොහොතේ ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ආණ්ඩුව කඩිමුඩියේ, හෙලිකොප්ටර් සහ හමුදා වාහන ඇණවුම් කිරීමේ අරමුණ කුමක්දැයි සජිත් ප්‍රේමදාස එහිදි ප්‍රශ්ණ කර සිටියා.

යහපාලනය දිරන යකඩ ගොඩක් කල ගුවන් හමුදාව….

මේ වනවිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් බලය අතිශයින්ම පිරිහීමට ලක්ව තිබේ. සිව්වන ඊළාම් යුද්ධය සදහා යොදාගත් එම්. අයි. 24 ප‍්‍රහාරක යානා සියල්ලම පියාසර කර නොහැකි තත්ත්වයට පත් ව තිබේ. වසර ගණනකට පෙර බි‍්‍රතාන්‍යයෙන් මිලයට ගත් සී 130 හර්කියුලිස් යානා දෙකද එම තත්ත්වයේම පවති.

ප‍්‍රහාරක හෙලිකොප්ටර් තුනක්ද එම්. අයි. 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් තුනක්ද ඇන්ටනෝව් යානා තුනක්ද පියාසර කළ නොහැකි වී ගුවන් හමුදා අංශවල රඳවා තැබීමට සිදුව ඇති අතර එම්. අයි 17 ප‍්‍රවාහන හෙලිකොප්ටර් තුනකටද එම අවාසනාවන්ත තත්ත්වයටම පත්ව තිබේ.

මේ තත්ත්වය මත යානා අලූත්වැඩියා කිරීම කළ යුතු බවට ගුවන් හමුදා බලධාරීහු යහපාලන රජයට දැනුම් දෙනු ලැබුවද එවකට හටගෙන තිබු ජනපති සහ අගමැති අතර අර්බුදය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කැබිනට් අමාත්‍යවරයෙකුව සිට සිරිසේන ජනපති සමග දෛනිකව කතා බහ කල සජිත් ප්‍රේමදාස නොදන්නේ නම් අනිවාර්යයෙන්ම ඔහුන් සාකච්ඡා කර ඇත්තේ රටේ ප්‍රශ්ණ නොව දේශපාලන කුමන්ත්‍රණ බව ඉතා පැහැදිලිය.

ගුවන් හමුදාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාවගුවන් හමුදාපති සුදර්ශන පතිරණ ජනපති වෙත හෙළි කිරිමන් පසුව ගුවන් හමුදාවට අවශ්‍යම වන හෙලිකොප්ටර යානා ගෙන්විම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දියත් වෙමින් තිබේ.

මිට අමතරව කෆීර් ප‍්‍රහාරක යානා පහ අලූත්වැඩියා කිරිම සදහා ඊශ‍්‍රායල් රජය සතු අයි. ඒ. අයි. සමාගමේ සේවය ලබා ගැනිමටද කටයුතු කරන බව වාර්තා වේ.මේ අතර එම්. අයි. 35 ප‍්‍රහාරක හෙලිකොප්ටර් 3 ක් ,එම්. අයි. 17 ප‍්‍රවාහන හෙලිකොප්ටර් තුනක් අලුත්වැඩියාව සදහා යොමුකර තිබේ. ඊට අමතරව පුහුණුවීමේ කටයුතු සඳහා කුඩා හෙලිකොප්ටර් හතරක්ද චීන වයි. 12 ප‍්‍රවාහන යානා දෙකක්ද මිලයට ගැනීමට ගුවන් හමුදාව තීරණය කර ඇත. කෙසේවෙතත් කුඩා හෙලිකොප්ටර් හතරක් මිලයට ගන්නේ කුමන රටින් දැයි මෙතෙක් අනාවරණය වි නෑ.

මිට අමතරව කෆීර් ගුවන් යානාද අලුත්වැඩියාව සදහා යොමුකිරිමට ගුවන් හමුදාව කටයුතු සකස් කරමින් සිටි.

සමහරවිට සජිත්ගේ ටිකිරි මොළයට හිතෙනවා ඇත්තේ ගුවන් හමුදාවට හෙලිකොප්ටර අවශ්‍ය වන්නේ යුද්ධ කිරිමට බවය. රටේ සුනාමියක සිට ගංවතුරක් දක්වා මෙන්ම හදිසි අනතුරකදි පවා හෙලිකොප්ටර අවශ්‍ය බව ඔනැම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් යැයි කියු කෙනෙකු හෝ සජිත්ට කියා දෙන්නේ නම් මැනවි. සමහර විට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ ඔහුගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාසගෙන් වුවද එය දැනගත හැක.