Last Updated on April 21, 2021 by Desman Chathuranga
2024 ජනාධිපතිවරණයේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද?ඒ සම්බන්ධව අපක්ෂපාතී දේශපාලන සංවාදයක් අවශ්‍යය. නමුත් තවමත් එය සිදුවන බවක් පෙනෙන්නට නැත.ඊට ප්‍රධාන හේතුව වන්නේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට බොහෝ දෙනෙකුගේ සිත්තුළ තිබුණද එය විවෘතව ප්‍රකාශ කිරීමට කිසිවෙකුට ධෛර්යයක් නොතිබීමයි.දැනට ඒ සම්බන්ධව ප්‍රකාශ කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණි.එම නිසාම එම සංවාදය සජිත් ප්‍රේමදාස මහතා වඩා ගොනුවීම නොවැළැක්වීය හැකිය.දැනට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම 2024 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකධූරය වෙනුවෙන් සිහින මවන බව මේ රටේ දේශපාලනය තේරෙන ඕනෑම කෙනෙකුට වැටහේ.
කෙසේ නමුත් ඔවුන් අතරින් දැනට ජනාධිපති අපේක්ෂකයාවීමේ වැඩිම සම්භාවනාව ඇත්තේද සජිත් ප්‍රේමදාස මහතාටය.ඒ ඔහු මෙරට විශාලතම විපක්ෂ දේශපාලන පක්ෂයේ නායකයා වීම හා මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂය නායකයාවීම නිසායි.විපක්ෂ නායකයා යනු මීළඟ රාජ්‍ය නායකයා බවට අදහසක් දේශපාලන ක්ෂේත්‍රයේ තිබේ.නමුත් එම තර්කය අප රටට නම් වසර 15 ක් වලංගුවී නොමැත.2010 වසර වන විට අප රටේ විපක්ෂ නායකයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා වුවද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ සරත් ෆොන්සේකා මහතායි.එසේම 2015 ජනාධිපතිවරණයේදී නැවත වරක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකධූරය අහිමිවු අතර එවර විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතායි.2019 වසරේදීද සිදුවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම අවස්ථාව අහිමි වී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමයි.
එම නිසා මෙම කරුණු අනුව බලනවිට පසුගිය දශක එක හමාරක කාලය තුළ අප රටේ විපක්ෂ නායකධූරය දැරීම හෝ අගමැති ධූරය දැරීම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාවීමට තීරණාත්මක සාදකයක් වී නැත.එසේම ඒ වනවිට විපක්ෂයේ ප්‍රබලතම පක්ෂය වූ එජාපය පැවතියේය තනි පක්ෂයක් ලෙසිනි.විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට 2010 මෙන්ම 2015 වසරේදී සමස්ථ විපක්ෂ කණ්ඩායම්වල සහයෝගය ගැනීමට හැකිවිය. කෙසේ නමුත් 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ජවිපෙ සෘජු සහය ලබාගැනීමට නොහැකි වූ අතර. දෙවන මනාපය සදහා පමණක් ඔවුන් අතර එකඟතාවයක් ඇතිවිය.එයද ඇතිවූයේ ජවිපෙ සම්බන්ධව ජවිපෙ තුළ මෙන්ම සජිත් තුළද වූ වැරදි අධිතක්සේරුව නිසාය.
නමුත් අද වන විට එදා පැවතියාට වඩා විපක්ෂ දේශපාලනය සංකීර්ණ වී තිබේ. එජාපය සජබය හා එජාපය ලෙස දෙකට බෙදී ගොසින්ය.43 වන සේනාංකය ලෙස චම්පික රණවක මහතා නව දේශපාලන ව්‍යාපෘතියකට අත ගසා ඇත.දෙමළ ජාතික සන්ධානය තවමත් ඔවුන්ගේ සුපුරුදු ජාතිවාදී මතවාදය උතුරු හා නැගෙනහිර ජනයා අතර වපුරමින් සිටී.නමුත් ඔවුන්ට එරෙහිව දැවැන්ත මතයක් දෙමළ සමාජය තුළ වැඩෙමින් තිබේ.ජවිපෙ තවමත් සම්ප්‍රදායික දේශපාලනය සිමාවේ සිටද සජබයට වඩා ඉදිරියට ගොස් ආණ්ඩුව විවේචනය කරමින් සිටී.උවිඳු විජේවීර වැනි අලුත් දේශපාලන චරිත සමාජ තුළට කඩාපැන තිබේ.අද ආණ්ඩුවට ප්‍රබලම විවේචනය එල්ල වන්නේ විපක්ෂයෙන් නොව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේය.නමුත් මේවා කිසිවක් එකම දේශපාලන ප්‍රවාහයක් තුළට මධ්‍ය ගත කරගැනීමට විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ මහතා අසමත්වී ඇත.ඊට හේතුව ඔහු මතවාදීමය වශයෙන් ප්‍රභල දේශපාලන චරිතයක් නොවීමයි.අද වනවිට ආණ්ඩු පක්ෂය තුළ පමණක් නොව විපක්ෂය තුළද බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණයවී තිබේ.
විපක්ෂය තුළ නිර්මාණය වන දේශපාලන අර්බුදයේ වාසිය ලබාගැනීමට ආණ්ඩු පක්ෂය සමත්ව තිබේ.සමගි ජන බලවේගයේ අයිකාරිය වන ඩයනා ගමගේ අද සජිත්ට නැත. සජිත් ඩයනාට කැමති වුවද ඩයනා කැමති ගෝඨභයටය.සජබය සමඟ තරඟ කළ රාවුෆ් හකීම්ගේ හා රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂවල මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දිනාගෙන අවසන්ය.වෙනකක් තබා ආණ්ඩුවට බරපතල හිසරදයක් වූ සිරගත මන්ත්‍රී රන්ජන් රාමනායක පවා දැන් සජිත්ට අහිමිවී ඇති බව පෙනේ.එසේම ආණ්ඩුව තුළ නිර්මාණය වූ අර්බුදවලින් දේශපාලන වාසිය ලබා ගැනීමට සජිත් අසමත් වී තබේ.පසුගිය දා විජේදාස රාජපක්ෂ මහතා රාජපක්ෂවරුන්ට එල්ල කළ ප්‍රහාරය ඉදිරියේ සජිත් කළ දෙයක් නැත. විජේදාසගේ විවේචනයෙන් ආණ්ඩුවට දමාගසා ප්‍රශ්න කරනවා වෙනුවට සජිත් බයවූයේ විජේදාස එන පොදු අපේක්ෂකකමටය.
විමල් වැනි සාධක සමග අභ්‍යන්තර එකඟතාවයකින් කටයුතු කළද දැන් ඒවා ආණ්ඩුව හෙළිවී අවසානය.ශ්‍රීලනිපය වැනි පක්ෂයක් ආණ්ඩුව තුළ මධ්‍යස්ථ තැනකට ගෙන ඒමට සජිත්ගේ දේශපාලන උපක්‍රම දියුණු නැති අතර ඒ සදහා ඔහුගේ දේශපාලන විවේචනද ප්‍රභලවී නැත.දැනට සජිත් ප්‍රේමදාස මහතා 2024 ජනාධිපති වීම වෙනුවෙන් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රචාරක වැඩපිළිවෙලක් පමණි.ඊට අමතරව විපක්ෂ නායක ජංගම සේවය කියා මීට අවුරුදු 30 කට වඩා පැරණි සිය පියාගේ යල්පැන ගිය දේශපාලන ආකෘති ගමට රැගෙන යාමයි.මා විශ්වාස කරන්නේ ඔය වැනි උපක්‍රම තුළ සජිත් ප්‍රේමදාස මහතාට මෙරට ජනාධිපතිවීමට නොව 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාවත් වීමට නොහැකි බවයි.එම නිසා දැන්වත් දේශපාලන විහිළු නවතා ඉලක්කයට පහරදීම ආරම්භ කළ යුතුය.එසේ නැති නම් 2024 දේශපාලන පිපිරීමේදී නැවතත් හඩමින් මාස ගානනක් වනගතවී සිටීමට එතුමාට සිදුවනු නොඅනුමානය.
-ප්‍රියන්ජිත් විතාරණ.-
More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
ජගත්කරණය වූ දඹදෙනියේ බයියා
දරැවන් දෙන අමුතු කෝවිල