Last Updated on May 25, 2021 by Desman Chathuranga
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ බවට හඳුනා ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට වහාම යොමුව ලෙස දැනුම් දි තිබේ.පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කිරීම හරහා හදුනාගත් මන්ත්‍රීවරුන් සදහා මෙම නිවේදන නිකුත් කල බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
මිට අමතරව විපක්ෂ නායකවරයාට ආශිතවු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු නිරෝධායනයට යොමු කිරිමටද කටයුතු කර තිබේ.
විපක්ෂනායකවරයා ඔහුගේ කාර්යාලයේ දීද රැස්වීම් කිහිපයකට සහභාගී වී තිබූ අතර එම රැස්වීම්වලදී ආශ්‍රිත වූ පිරිස් සොයාගෙන ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එහි ප්‍රධානීන්ට දැනුම් දුන් බව වේත්‍රධාරි කාර්යාලය පවසයි.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!