counter hit xanga
October 26, 2021

රාජපක්ෂලා යලි ජනාධිපති වෙන බව කී හර්ෂට සජිත්ගේන් තර්ජනයක්! Video

Last Updated on May 20, 2021 by Panduka Herath

නාමල් රාජපක්ෂ හෝ තවත් රාජපක්ෂ කෙනෙකු යලිත් ජනාධිපති විය හැකි බවට සමගී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුව තුල කල ප්‍රකාශයකට SJB නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව තුලදිම හර්ෂ මන්ත්‍රීවරයාට තර්ජනයක් සිදුකර තිබේ.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රී හර්ෂද සිල්වා පනත සම්බන්ධයෙන් තමන්ගේ අදහස් පලකරමින් පනතට අදාළව වරාය නගරය සදහා කමිටුව පත්කිරිමේ බලය ජනාධිපතිවරයාට ලැබි තිබිම වත්මන් ජනාධිපතිවරයා හෝ තවත් රාජපක්ෂ කෙනෙකු බලයේ සිටිම හරහා ආරක්ෂීත වුවත් තවත් වසර ගණනාවකින් පසුව පත්වන ජනාධිපතිවරයෙකු යටතේ ආරක්ෂිත නැති බව පෙන්වා දිමට උත්සහ කිරිමේදි මේ තත්ත්වය ඇතිවුනා.

ඔහු එහිදි නාමල් රාජපක්ෂ ජනාධිපති විය හැකි බවත් තමන්ද එයට කැමති බවත් සදහන් කල අතර ඒ සමගම සජිත් එයට විරෝධය දක්වමින් හර්ෂට යමක් පවසා තිබේ.ඒ සමගම මන්ත්‍රීවරයාද එම කතාව වෙනස් කිරිමට කටයුතු කලා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හර්ෂ ද සිල්වාට තර්ජනය කල බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අවස්ථාවේ කතානායකවරයාගේ අවධාණයට යොමු කරමින් පෙන්වා දුන්නා.

එම සිද්ධියට අදාළ විඩියෝව නරඹන්න….