counter hit xanga
October 21, 2021

සාලිගේ පෙත්සම කල් යයි! විමර්ශන අවසන් අදියරේ!

Last Updated on May 5, 2021 by Panduka Herath

කිසිදු හේතුවක් නැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ තබා ගැනීම නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 21 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවු අවස්ථාවේ නීතිපති වරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන වලට අදාළව තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව පෙන්වා දි තිබේ.

මේ සම්බන්ධ විමර්ශන බොහෝදුරට අවසන් ව ඇති අතර ඉදිරි සති කිහිපය තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එල්. ටී.බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සදහන් කර තිබේ.

මෙම පෙත්සම කැඳවා ඇත. එහිදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන වලට අදාළව තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවය. ඒ අනුව පෙත්සම සති තුනකින් පසුව කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.

ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 16 වැනිදායි.

1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව මොහු වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර තිබුනා.

සාලිට එරෙහිව සාක්ෂි සහිතව චෝදනා!

මේ අතර දැනට අත්අඩංගුවේ පසුවන බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ආණ්ඩුකාර ධූරය හොබවද්දී අන්තවාදය ආරක්ෂා කිරීමට හා අන්තවාදය පෝෂණය කිරීමට අනුබල දුන්නා ද යන කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනා.

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සැඟවීමට සම්බන්ධ සැකකරුවන් ආරක්ෂා කළ බවට අසාද් සාලි මහතාට එරෙහිව සාක්ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කර තිබුනා.

මිට අමතරව පසුගිය යහපාලන රජය සමයේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අසාද් සාලි මහතා කටයුතු කරද්දී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය අවභාවිත කරමින් අන්තවාදය විවිධාකාරයෙන් පෝෂණය කළ බවට යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන බවත් එම කරුණු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශය මඟින් මෙම විශේෂ විමර්ශනය සිදුකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.