Last Updated on July 1, 2021 by Panduka Herath
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර පවසයි. බ්‍රිතාන්‍ය sky sports (ස්කයි ස්පෝට්ස් ) එක්වෙමින් කුමාර සංගක්කාර සදහන් කළේ මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්ෂ ක්‍රීඩකයන් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බවයි.
“අපිට දක්ෂතා තිබෙන ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් පිටියේදී වගේම පිටියෙන් පිටතදී ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධව නම් හරිම කණගාටුවක් දැනෙන්නේ. ඒ ප්රශ්නය ජාත්‍යන්තර ක්‍රිකට්වල වගේම අපේ පළමු පෙළ තරගවලත් මුල් බැසගෙන තියෙනවා. ඒක දක්ෂ ක්‍රීඩකයන් හදන්න හොඳ තත්ත්වයක් නොවේ.”
කලක් අපේ හිටපු පුහුණුකරුවෙකු වන ට්‍රෙවර් බේලිසුත් කිව්වා, අපේ ක්‍රීඩකයන්ට අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව උගන්නන එක අමාරුයි කියලා. පිටියෙන් පිටතදී ගත්තොත් ඔවුන්ගේ විනය හා ඉලක්කය හදාගත යුතුයි.
ඒ වගේම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දාල තියෙන නීතිරීතිවලට ඇහුම්කන් දිය යුතු බවත් එය “අංක එක” යනුවෙන් සංගක්කාර මෙහිදි අවධාරණය කර සිටි.
විනය චෝදනාවකට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයන් පිළිබඳ අදහස් දක්වමින් සංගක්කාර සදහන් කරන්නේ
“මේ ක්‍රීඩකයන් තුන්දෙනා ඉතා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් තියෙයි. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නෙමෙයි, යහපත් පුද්ගලයන් ලෙසින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පවත්වාගෙන යාමට උපදේශත් ලබා දිය යුතුයි” යනුවෙනි.
“The three players are very senior players, one the vice-captain. There will be an inquiry and there will be a sanction. I hope that support and counseling will be made available to keep developing them, not just skill wise as cricketers but more as people, to get them really focused on living a positive lifestyle on and off the field”
https://buystromectolon.com/ – Stromectol
Priligy
[url=http://cheapdrugs.store/#]comparison of ed drugs[/url]
medicine for impotence best ed pills erection pills viagra online
buy stromectol uk ivermectin for humans