counter hit xanga
November 29, 2022

සැපයි.. සැපයි.. ඔහොම යං…

හරින් ප්‍රනාන්දු මහතාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Last Updated on June 22, 2021 by Panduka Herath

ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර එම පක්ෂයේ ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මුඛ ආවරණයක්ද නොමැතිව පොදු ප්‍රවාහන සේවයක දොරේ ගමන් කරන අකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලය තුල සැරිසරමින් තිබේ.

රටේ අහිංසක ජනතාවට ජිවත් විම සදහා කොරෝනා වසංගතයට මුහුණ දෙමින් රජය දැඩි අවදානමක් ගෙන සංචරණ සීමා ඉවත් කිරිමට ඊයෙ කටයුතු කල නමුත් තවමත් කොළඹ ඇතුලු බස්නාහිර පලාතටම සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් දැඩිව ක්‍රියාත්මක වෙමින් තිබියදි මන්ත්‍රීවරයෙකු මේ අකාරයට හැසිරිම ගැන හිරිකිතය.

සමස්ථයක් ලෙස විපක්ෂයේ අද නාඩගම ඉන්ධන මිළ අඩුකිරිම අරමුණු කරගනිමින් කල එකක් නොව සම්පූර්ණයෙන්ම් රටේ ජනතාව තුල තවත් කොරෝනා පොකුරු නිර්මාණය කිරිම ඉලක්ක කර සිදු කල එකක් බව පැහැදිලිය.

මේ අතර හරින් ප්‍රනාන්දු මහතාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ රටේ නීතිය ආරක්ෂා කරන පොලිසියටද වගකිමක් තිබේ.මන්ද එදාවේළ සොයා ගැනිම සදහා පාරට එන ජනතාව මාස්ක් එකක් නොපැලදවිම් හේතුවෙන් කකුල් දෙකෙන් උස්සා ගෙන ගොස් පොලිස් කූඩුවේ රදවා තබා ගන්නා සේම තමන්ගේ ඡන්ද එකකින් හෝ ඉහල දමා ගැනිම සදහා ජන ජිවිත අනතුරේ දමන මන්ත්‍රීවරුන්ටද එක සේ ක්‍රියාත්මක විය යුතුය.

මේ අතර ඉන්ධන මිළ අඩුකරනු කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන විරෝධයට එක්ව සිටි අයුරු පහත් දැක්වේ. ජනතාවාදී නායකයන් සැබෑවටම ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අරගල කරන්නේද යන්න තීන්දු කිරිම ජනතාවට භාරය.

2017 නොවැම්බර් 17 වැනිදා යහපලන ආණ්ඩුව තෙල් මිළ ඉහල දැමු අවස්ථාවේ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය විරෝධය පලකල අයුරු.