counter hit xanga
October 21, 2021

බදුර්දීන්ගෙ ජාත්‍යන්තර මෙහෙයුම! සරත්ලා දෙන්නා පාර්ලිමේන්තුවේ ගැටේ… Video

Last Updated on May 5, 2021 by Panduka Herath

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන එම හරහා සිදුකරන පරික්ෂණ වලට එරෙහිව බාදා කිරිමේ කුමන්ත්‍රණය විපක්ෂය යෙදී සිටින බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා. රිෂාඞ් බදුර්දීන්ට පාර්ලිමේන්තුවට පැමිණිමට ඉඩ සලසා දුන්හොත් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට දුරකතන ඇමතුම් ලබාදෙමින් ආරක්ෂක අංශ සිදුකරන විමර්ශන වලට බාධා කිරිමට කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නා.

දින 90ක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04) අදාළ බලධාරීන්ට නියෝග කිරිමට ගත් තීරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්වුනා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණියා. කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්සභාව කල් තබන කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත් වෙමින් තිබියදීයි ජනාධිපතිවරයා සභාවට පැමිනියේ.

මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා, මරණ දඩුවම ලබා සිටි සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව ලබාදිම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ කල චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා අදහස් දැක්විමත් සමග සරත් ෆොන්සේකා ඊට බාධා කරමින් හැසිරුනා.ඒ සමගම දෙදෙනා අතර බරපතල වචන ගැටුමක් ඇතිවුනා. සරත් ෆොන්සේකා BBC මාධ්‍ය හමුව සිදුකල සාකච්ඡාවක් සම්බන්ධයෙන්ද සරත් වීරසේකර එහිදි අදහස් දැක්වුවා. 2010 ජනාධිපතිවරණ සමයේ සරත් ෆොන්සේකා ඩොලර් ලක්ෂ ගණනක් ජාත්‍යන්තරයෙන් ලබාගත් බවටද වීරසේකර මහතා චෝදනාවක් එල්ල කර සිටියා.

මේ අතර වීරසේකර මහතාගේ කතාවට බාධා කරමින් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ස්ථාවර නීයෝග පෙන්වා දෙමින් අදාළ සංවාදය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට ඉල්ලිමක් සිදුකලා.

පාර්ලිමේන්තුවේ සිදුවු වචන හරබයට සම්බන්ධ විඩියෝව පහතින් බලන්න….