Last Updated on December 17, 2022 by Lankae Cast
මේ දෙගුරුන්ටයි ගුරු හා විදුහල්පති සංගම් අයිතිකාරයින්ටයි කියන්නෙ.
පොලිසියෙන් ළමුන්ගෙ බෑග් අවුස්සන, ඉණ අතපත ගාන වැඩේට වහා විරුද්ධ වන්න.
වහා කියන්නේ, වහාම.
මත්ද්‍රව්‍ය බිස්නස්කාරයින් හොයන්නෙ නැතුව මේ ළමුන් හෑල්ලු කරන, ළමුන්ට අවමන් කරන හිරිහැර කරන අනවශ්‍ය වැඩක්. මෙය වහාම නතර කරන්න කියලා, ආණ්ඩුවට ඇහෙන්න දැනෙන්න වහාම කියන්න.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට අත නොතියා මේ කරන්නේ ළමුන් බිය වැද්දීමක්. ජනතාව රැවටීමක්.
ඒ නිසා මේ මහා ප්‍රෝඩාවට විරුද්ධව දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ ගෞරවය වෙනුවෙන් වහා හඬ නැගිය යුතුයි. ගුරුවරුන් විදුහල්පතිවරුන් තමන්ගේ පාසලේ දරුවන්ගේ වගකීම බාරගෙන, පොලිසිය දමාගෙන ආණ්ඩුව ළමුන්ට කරන අපහාසයට, හිරිහැරයට විරුද්ධ විය යුතුයි.
පොලීසිය තමන්ගේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් කවුරුන්ද කියලා දන්නෙ නැත්තං, ඒකට වරදකාරයින් පාසල් ළමුන් නෙවෙයි. පොලිසියට වහාම තමන්ගේ බල ප්‍රදේශයේ ජාවාරම්කාරයින් හොයන්න කියන්න.
–කුසල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී/ දේශපාලන විශ්ලේෂක
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?