counter hit xanga
March 26, 2023

රාජ්‍ය නායකයෙක් වෙන්න ආසද? ජනපති කී රහස මෙන්ම

Last Updated on April 24, 2021 by Desman Chathuranga

පළාත් පාලන මැතිවරණය,වරාය නගරය, ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව අතර හටගෙන තිබු ගැටලුකාරී තත්ත්වයන් මේ වනවිට සමථයකට පත්වෙමින් තිබේන බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සaජුවම මැදිහත්ව එක්ව කටයුතු කිරිම හේතුවෙන් මෙම අර්බුද විසදා ගැනිමට හැකියාවක් ලැබුන බවයි බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස වි ඇත්තේ. “අගමැති,ජනපති,බැසිල් රාජපක්ෂ වෙන වෙනම ඉන්නවා වගේ පෙනකොට විවිධ අය විවිධ් ප්‍රශ්ණ හදනවා…” නවක මන්ත්‍රීවරයෙකු පසුගියදා සදහන් කර තිබුනා.

මේ අතර අප්‍රේල් 21 වැනිදා ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් පැවැත්විණි…. ජනාධිපතිවරයා එහිදි අපූරු කතාවක් රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා තිබුනි.

“මේ ආණ්ඩුව හරියට ත්‍රීවීල් එකක් වගේ යැයි ජනපති කීවේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමා ඉදිරිපස රෝදය නම් මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉතිරි රෝද දෙක වන බවයි. මෙය යම් විහිළුවක් අකාරයට ජනාධිපතිවරයා පැවසු අතර අමාත්‍යවරු ඊට සිනහසුණහ.””

ඒ හුස්මටම ජනපති තවත් කතාවක් කිවේය….

“සමහරු ආණ්ඩුවේ අනාගතය ගැන එක එක අනාවැකි කියනවා. මම දේශපාලනයට සම්බන්ධ නොවුණත් මට ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණේ මහින්ද අයියයි බැසිල් මල්ලියි නිසා. ඒ නිසා කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය නායකත්වයට පත්වෙන්න මහින්ද වගේ අයිය කෙනෙකුයි බැසිල් වගේ මල්ලි කෙනෙකුයි හදාගන්න උත්සාහ කරන්න.”

මේ අතර පසුගිය සතියේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයා කණ්ඩායමක් වශයෙන් ගොස් මුණ ගැසුනු අතර මුණ ගැසුනු සෑම කණ්ඩායමකටම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිරිසට අවවාද කිහිපයක්ද ලබාදි තිබේ.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිරිසට අවවාද කිහිපයක්ද ලබා දුන්නේය.

ආණ්ඩුවේ පක්ෂ අතර විවේචන ඇති බවත් එම විවේචන පක්ෂ අතර සමගිය රුකගෙන සිදුකළ යුතු බවත් ,විවේචන හරහා ආණ්ඩුවට හානි සිදුවන බවද රාජපක්ෂ මහතා තදින් කියා තිබේ.

මේ අතර පළාත් සභා ක්‍රමය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීම සිදුකළේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි. පසුගිය මැතිවරණ එකින් එක ගනිමින් ඔහු කියා සිටියේ නාමයෝජනා ලබාදීමේ ගැටලු හේතුවෙන් කොට්ඨාශයකට අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් කරන බවයි.

සෞඛ්‍ය හේතුන් මත මැයිදින රැලි නතර කිරිමට කටයුතු කිරිමට පෙර ශ්‍රිලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ අමතා මැයි රැළි සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි අගමැතිවරයා “අපිත් එක්ක මැයි දිනයට එන්න” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජන කර තිබේ.

නමුත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ මැයි රැළියට වඩා පළාත් සභා මැතිවරණයට නාමයෝජනා ලබාදිමේ ක්‍රමවේද සම්බන්ධයෙන් මෛත්‍රී විමසිමට ලක්කර ඇති බවයි. එහිදි මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියේ බැසිල් රාජපක්ෂ සමඟ නාමයෝජනා සම්බන්ධව සාකච්ඡා කරන ලෙසයි.