Last Updated on June 12, 2021 by Panduka Herath
අමාත්‍යාංශ වල සංවර්ධන කාර්යාලවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
එම නිලධාරීන් කොතරම් සමීප හිතවතුන් වුවද ඔවුන් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු අය කරනු ලබන බවද ජනාධිපතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රධානීන් වැඩි පිරිසක් සංචරණ සීමා හේතුව පෙන්වමින් නිවසේම රැඳී සිටින බවත් කිසිදු රාජකාරි කටයුත්තක් නොකරන නමුත් සියලු දීමනා නොඅඩුව ලබා ගන්නා බවටත් ඇමතිවරුන් ගණනාවක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
අදාල පත්වීම් කරනු ලැබුවේ තමන් විසින් වුවද රටේ හා අමාත්‍යාංශයේ දියුනුවට සංවර්ධනයට ක්‍රියා නොකරන සියලුම නිලධාරීන්ගේ තොරතුරු තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද වාර්තාවේ වේ.
More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!