Last Updated on June 15, 2021 by Desman Chathuranga
ආයුධ සන්නද්ධ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට උත්සාහ කරන බවට වාර්තාවීමත් සමග තමින්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තරකර තිබේන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරනවා. ඉන්දීය පොලීසිය හා මධ්‍යම බුද්ධි අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා. අදාළ පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතාවය හෝ ඔවුන් අයත් සංවිධානය කුමක්ද යන පිළිබඳව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නෑ.
මධ්‍යම රහස් ඔත්තු සේවයක් විසින් පසුගිය සෙනසුරාදා සවස මෙම අනතුරු ඇඟවීමක් කර ඇති අතර ඒ අනුව ඉන්දීය පොලීසිය කන්යාකුමාරී, දත්කුඩි, රාමේෂ්වරම් මෙන්ම චෙන්නායි යන නගරවල ද ආරක්ෂාව තරකර තිබේ.
බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සන්නද්ධ ක්‍රියාකාරීන් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා කර තිබේන බවයි.
චෙන්නායි ප්‍රාන්ත පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් IANS වෙත පවසා ඇත්තේ “ඔව් අනතුරු ඇඟවීමක් ඇත, නමුත් මේ වන විට මට ඊට වඩා වැඩි යමක් හෙළි කළ නොහැකිය. අපි ප්‍රාන්තය හරහා වෙරළබඩ ප්‍රදේශ කරා යන සියලුම ප්‍රධාන මාර්ග හරහා සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා ඇත්තෙමු. ” යනුවෙනි.
“Yes there is an alert but I can’t reveal more than this at present. We have deployed armed policemen across all the main roads leading to coastal areas through the state.”
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර