Last Updated on June 28, 2021 by Desman Chathuranga
මත්පැන් බෝතලය මත ආරක්ෂිත ස්ටිකරයක් යෙදීමේ ව්‍යාපෘතිය COVID හේතුවෙන් කෙටිකලකට කල්දැමීමට සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.
එම වැඩපිළිවෙළ පිළිබඳව අද මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාකර තීරණයකට එළඹෙන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
ආරක්ෂිත ස්ටිකර් අලවීම සඳහා කැඳවූ ටෙන්ඩරය පිළිබඳව ගැටළු මතු වූ නමුත් මේ වනවිට එම සමාගම සමග සාකච්ඡාකර විසඳාගත් බවත් ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල් සදහා හදුන්වාදීමට යන ස්ටිකර් ක්‍රමය නිසා වසරකට රුපියල් බිලියනයක් මෙරටට අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි