Last Updated on January 13, 2023 by Lankae Cast
සේපාල් බුද්ධාගමට අපහාස කිරීම හෝ ඒ මගින් අයුතු ලෙස සල්ලි හම්බු කර ඇත්දැයි පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඉතා සූක්ෂමව හොයන බව පේනවා.
දළදාව සම්බන්ධ ප්‍රකාශයක් කරමින් වැඩේ වරද්දා ගෙන ඇතත් සේපාල් ඇත්තටම කළේ ආගමට නිගා කරන මජර භික්ෂූන් හෙළිදරව් කිරීම සහ ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමයි.
බෞද්ධාගමිකයෙකු ලෙස ඔහුට තිබූ වේදනාවත් එයට හේතුවක් වන්නට ඇති.
එහෙත් Youtube කරන්නෙක් හැටියට කාලාන්තරයක් තිස්සේ බෞද්ධාගමට වැඩිම හානිය කරමින් සිටින්නේ හරීන්ද්‍ර ජයලාල් බව බොහෝ දෙනෙක් නොතේරුම් ගන්නා දෙයක්.
හරීන්ද්‍ර මේ වැඩේ කරන්නේ සමන්තභද්‍ර හිමි සමග එක්වයි. මිනිස්සුන්ට රසකර, හපකර බලන්න පුළුවන් දේ දෙන්නා ඉතා සැලසුම්සහගතව කලින් කලට Youtube එක ඔස්සේ මුදාහරිමින් සිටිනවා.
සමන්තභද්‍ර හිමි සියලු ආන්දෝලනාත්මක අදහස් මුදාහරින්නෙත්, ඇතැම් මුහුරත් උළෙල කරන්නේත් හරීන්ද්‍රත් එක්ක. ඒක Win to Win සිටුඒෂන් එකක්. සමන්තභද්‍ර හිමිට ප්‍රසිද්ධියද, හරීන්ද්‍රට සල්ලිද ලැබෙනවා.
සේපාල්ගේ අදහස් දැක්වීමකට වඩා මේ දෙන්නාගේ සුසංයෝගය බුදු දහමේ හරයට වැඩිම අගතියක් කරනවා. බෞද්ධ දර්ශනය හා ඉගැන්වීම්වලට වෙනත් නිරුක්ති දෙනවා.
සරලව කිව්වොත් මාළිගා හදන්න, කුඹුරු හාන්න, ඌරු මස් කරි එකක් රහට හදාගන්න කියලා බෞද්ධ ඉගැන්වීම්වල නැතත් ඒවා සමාජගත කරනවා. මහා නායක හිමිවරුන් ඇතුළු සෙසු භික්ෂූන්ට පරිභව කෙරෙනවා. දේශපාලකයන් සමග පැටලෙනවා. මේ සියල්ල උලුප්පලා අමුතුම දහමක් ලෝකයට පෙන්නුවේ සහ පෙන්නන්නේ හරීන්ද්‍ර.
භික්ෂු ප්‍රාතිමෝක්ෂය හා විනය ගැන කියෙව්වාම දැනගන්න පුළුවන් භික්ෂූන් කළ නොකළ යුතු දේවල්. එහෙත් ඊට පටහැණි බොහෝ දේ ජනතාව අතරට ගෙනගොස් බෞද්ධ දර්ශනයට නිග්‍රහ කිරීම ඉතා සූක්ෂමව මෙහිදී සිදුවෙනවා. .
හරීන්ද්‍රට විටින් විට තමන්ගේ Youtube එකේ සබ්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 5, ලක්ෂ 10 ඉක්මවනවා කියලා ආඩම්බරයෙන් කීමට සමන්තභද්‍ර හිමි සමග පවතින අත්‍යන්ත සම්බන්ධය හේතුවක්. මා මේ ගැන කලිනුත් කියලා තියෙනවා.(Link එක පළමු කමෙන්ටුවේ)
මේ සටහන දකින බොහෝ අය ලයික් කමෙන්ට් දාන එකකුත් නෑ. මටත් බනියි හරීන්ද්‍ර එහෙම නෑ කියලා. ඒත් මට හැඟෙන පරිදි නම් බෞද්ධාගමට අදාළ මාධ්‍ය භූමිකාවේදි ඔහු හරියටම එල්ටීටීඊ දේශපාලන අංශයේ හිටපු නායක එස්.පී.තමිල් සෙල්වන් වගේ කෙනෙක්. ත්‍රස්තවාදියෙකු වුවත් ඔහුගේ මුහුණේ සෑම විටම තිබූ සිනහව සියල්ලන් දිනා ගැනීමට සමත් එකක්. ඔහු කිසිවෙකුට නපුරක් කරන්නෙක් යැයි හඳුනා ගන්න බැහැ. හරීන්ද්‍ර බෞද්ධාගමට කරන්නෙත් එයමයි.
සේපාල්ට බෞද්ධාගමේ ඇතැම් තැන් සුද්ද පවිත්‍ර කර ගැනීමට ඕනකමක් තිබුණත් හරින්ද්‍ර සියල්ලන්ගේ ඇසට වැලිගසා එය අපවිත්‍ර කරමින් සිටිනවා. සේපාල් සියල්ලන්ගේ සතුරා වෙද්දි ඔහු සියල්ලන්ගේ මිතුරා වෙනවා. මිනිස්සු දේශපාලකයන්ට පමණක් නොව මාධ්‍යකරුවන්ටද නියමෙටම ඇන්දෙනවා.
-මහින්ද රුබසිංහ
More Stories
නැවුම් ජනවරම ලබාගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි – ජෙහාන් පෙරේරා
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ