Last Updated on May 13, 2021 by Desman Chathuranga
නිරෝධායන හෝ සංචරණ නීති කඩකරන අයෙකුට එරෙහිව පවතින නීතිය යටතේ වසර හය කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
අද (13) රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා කාලය තුල මෙන්ම දැනට හුදකලා කර තිබේන ප්‍රදේශ සදහාද මෙම නීතිය බලාත්මක වේ.
ඒ අනුව නිරෝධායන හෝ සංචරණ නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.
මේ අතර ශ්‍රි ලංකා පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ නිරෝධායන හෝ සංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසයි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි