counter hit xanga
October 21, 2021

ශානි තවදුරටත් රිමාන්ඩ්!

Last Updated on June 16, 2021 by Panduka Herath

කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කලද එම ඇප කොන්දේසි නොලැබිම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 30 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) නියෝග කළා.අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කළ එම ඇප නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැතිවීම හේතුවෙන් මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට තැබීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර තිබේ.