counter hit xanga
October 18, 2021

60 වැඩි ජෙෂ්ඨ පුරවැසියන්ට Sinopharm දෙයි!

Neliya60 lankaecast

Last Updated on June 12, 2021 by Panduka Herath

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත , ග්‍රාමිය සහ නගර ආශ්‍රිත අවුරුදු 60 ට වැඩි ජෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් 19 මර්ධන සයිනොෆාම් පළමු මාත්‍රාව එන්නත් කිරිම (12) දින ස්ථාන කිහිපයකිදම සිදු කෙරිණ.

අඹගමුව , මස්කෙලිය, කොටගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවල පිහිටි පාසල් වල සහ පෞද්ගලික ආයතන වල මෙම එන්නත් කිරිමේ වැඩසටහන දියත්කර ඇත.

සෞඛ්‍ය මාර්ග උපදේශ වලට අනුකුලව මෙම එන්නත් කිරිමේ වැඩසටහන දියත් කිරිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරින් කටයුතු කර තිබුණි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කිරිමේ වැඩසටහන (12,13,14) යන තෙදින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහක සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව කොවිඩ් 19 සයිනොෆාම් මර්ධන එන්න් 40000 ක් එන්නත් කිරිමට සැලසුම් කර ඇති බවයි නුවරඑලිය කොවිඩ් මර්ධන ඒකකයේ ප්‍රධානි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ