Last Updated on May 30, 2021 by Desman Chathuranga
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අතර බංගලාදේශයට ඩොලර් 10ට දුන් සයිනොෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව ඩොලර් 15 මිලදී ගෙන ඇති බවත් ඩොලර් 5ක් හොරා කා ඇති බවත් සදහන් කරමින් සමාජ ජාලා වල පලවන් පුවත් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සටහනක් තබා තිබේ.
එන්නත් ගැන තවත් බොරුවක් හෙළි වෙයි.
බංගලාදේශයට ඩොලර් 10ට දුන් සයිනොෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව ඩොලර් 15 මිලදී ගෙන ඇති බවත් ඩොලර් 5ක් හොරා කා ඇති බවත් පවසමින් අද උදැසන සිට පිරිසක් මර ලතෝනි තැබූහ. බංග්ලාදේශයට ඩොලර් 10 කට සයිනොෆාර්ම් එන්නත ලබා දීමට එකගතාවක් නැති බව කොළඹ චීන තානාපති කාර්යාලය සහ සයිනොෆාර්ම් ආයතනය අපට දැනුම් දී ඇත. එහි මිල පිලිබඳ තවම සාකච්ජා මට්ටමේ පවතී. මේ දක්වා සයිනොෆාර්ම් එන්නත් ලබා ගැනීමට ඒ ඒ රටවල් වැය කල මුදල මේ සමග දක්වා ඇත.
මේ සමග දක්වා ඇති යොමුවෙන් UNICEF වෙබ් අඩවියට පිවිස පහලට යන විට ඩොලර් ලකුණ සමග සදහන් වන reported vaccine price range per dose වෙත ලඟා වී දත්ත ලබා ගත හැක. COVID-19 Vaccine Market Dashboard
මේ අනුව සයිනොෆාර්ම් එන්නත හදන රටේ චීනා ලබා ගන්නේ ඩොලර් 29.75 ටය. දකුණු ඇමරිකාවේ ආර්ජන්ටිනාව ඩොලර් 40 ටය. යුරෝපයේ හංගේරියාව ඩොලර් 36 ටය. අප්‍රිකාවේ සෙනගාලය ඩොලර් 18.60 ට ය. රත්තරන් අශ්වයන්ට රැවටුණු උදවිය තවමත් හැදී නැත.
We checked with Chinese Embassy in Dhaka as well as #Sinopharm group. FYI:
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 29, 2021
Bangladesh Health Minister has clarifed last week that their procurement agreement including pricing is not finalized yet. The fake news on social media has already disturbed their ongoing negotiation. pic.twitter.com/NzTlM3b3VI
http://buystromectolon.com/ – tab stromectol
Hydrochlorothiazide Pills
hydroxychloroquine for sale amazon