Last Updated on May 31, 2021 by Panduka Herath
Sinopharm එන්නත ලබාගත් ජනතාව සදහා එහි දෙවන මාත්‍රාව ලබාදීම ලබන මස (ජූනි) මස 08 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව පළමු මාත්‍රා ලබාගත් පුද්ගලයින්ට සිය කාඩ් පතේ සඳහන් නියමිත දිනයේ දී සහ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාගැනිමේ හැකියාව පවතින බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
එන්නත් කරන වැඩ පිළිවෙළට සහයෝගයදීම මිස ඊට බාධාවන ආකාරයේ කිසිදු කටයුත්තක් නොකරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි.එවැනි බාධා කිරීමේ සිද්ධි කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ බවද ඔහු සඳහන් කළේය.
එන්නත්කරණ වැඩසටන් ක්‍රියාත්මක වන අවස්ථාවලදී ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු නොකළහොත් තමන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බවද ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නා. රජය අඛණ්ඩ සංචරණ සීමා පැනවූයේ ජනතාවගේ ආරක්ෂාව සැළකිල්ලට ගෙන බවත් කිසිම අවස්ථාවක රජය PCR පරීක්ෂණ අඩු කර නැති බවද හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට ජනතාව වෙත ලබාදීම පසුගිය 07වනදා ආරම්භ වූ අතර මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඊයේ දිනය වන විට පුද්ගලයින් 666,612 දෙනෙකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවයි.
[url=http://cheapdrugs.store/#]ed pills comparison[/url]
stromectol 3mg cost ivermectin where to buy for humans