counter hit xanga
June 26, 2022

සිරිසේන තමා මට හොදටම කළේ!

Last Updated on April 27, 2021 by Panduka Herath

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පුළුවන් තරම් හයිය දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට කිරින්ද ප‍්‍රදේශයේ පැවැති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කළේ තමාගේ ගමනට බාධා කරන පුද්ගලයන් ඇත්නම් වහාම පක්ෂයෙන් ඉවත් වන ලෙසයි.

අතීතයේ මෙන් තමන්ගේ වැඩවලට බාධා කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත් ඔහු එහිදි සදහන් කර තිබේ.

‘‘මම මෙතෙක් කල් දේශපාලනය කළේ විවිධ ප‍්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප‍්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න.’

සමගී ජනබලවේගය නියෝජනයි කරන හිටපු අමාත්‍ය මෙන්ම ජාතික ව්‍යාපාර රැසකට නායකත්වය දුන් පාඨ්ලී චම්පික සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම සජිත් අර්බුදයක සිටි අතර ඊට ප්‍රධානතම හේතුව් වුයේ 43වැනි සේනාංකය හරහා පාඨ්ලී ජාතික දේශපාලනයේ ක්‍රියාකාරී කොටසක් ඉටු කිරිමයි. ඊට අතරව 2024 දි එන ජනාධිපතිවරණයේදි විපක්ෂයේ පොදු අපේක්ෂකයා විමේ වැඩි අවස්ථාවද පාඪ්ලී වටා එකතු විම පිළිබඳව සජිත් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පලකර තිබේ. ඒ අනුව “කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න” යනුවෙන් සජිත් කියන්නේ කාටද යන්න අමුතුවෙන් අසා දැනගත යුතු නැත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහකර මහින්ද රාජපක්ෂ අගමැති කරවිමට කටයුතු කිරිමට පෙර අවස්ථා ගණනාවක් සජිත් අගමැති කිරිමට මෛත්‍රී සමග සාකච්ඡා පැවැත් වු බව නොරහසකි.එම සාකච්ඡා වල අරමුණ වි තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අල්ලා ගැනිම බවද පසුකාලීනව අනාවරණය විය.