counter hit xanga
March 26, 2023

පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් ගලවා ගන්න SJB කුමන්ත්‍රණයක!

Last Updated on April 27, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ආධාල කිරිම සදහා කතෝලික පියතුමන් සහ කන්‍යා සොහොයුරියන් යොදා ගැනිමට සමගී ජන බලවේගය දරණ නින්දිත උත්සහය පරාජය කලයුතු බව දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික ‍රණවක, අචාර්ය හර්ශ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනූශ නානායක්කාර, නලීන් බණ්ඩාර ‍යන අය කොළඹ දේවස්තානයකදී කතෝලික සභාවේ ප්‍රධාන පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් හමුවි ඊයේ (27) අදහස් පලකර ඇති අතර පාස්කු පරීක්ෂණ වාර්තාව හා ඉන් මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර, අගරදගුරු මණ්ඩලය වෙත කරුණු දක්වන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් Lankaecast අපද ඊයේ අනාවරණයක් කල අතර එය මෙතනින් කියවන්න – පාස්කු විමර්ශන වෙනතක යොමුකිරිමේ විපක්ෂයේ උත්සහය! කිතුනු සමාජයට මහ මොළකරු ගැන විපක්ෂයෙන් පාඩමක්!

නිවේදනය මගින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා පෙන්වා දෙන්නේ දැනට අත් අඩංගුවේ පසුවන තම සගයන් බේරා ගැනිම සදහා මිත්‍යාව සහ අසත්‍ය පතුරුවමින් කතෝලික ප්‍රජාව තුල නොසන්සුන්තාව ඇති කිරිමට සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවයි.