counter hit xanga
June 14, 2021

සමඟිය කුඩේ කුඩු! ලොක්කෙකුයි, ලොක්කියෙකුයි හොදම 10 දෙනා තෝරයි!

සජිත් ප්‍රේමදාස සහ ආර්යා ජලනි ප්‍රේමදාස කොරෝනා රෝගය වැළඳී රෝහල් ගතව සිටින අතර තුර සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය භාරව සිටින ලොක්කෙක් සහ ජලනි ප්‍රේමදාස ගේ සියලු ඩීල් මෙහෙයවමින් ඇයගේ විස්වාසවන්තම සහයිකාව තනතුර හොබවන සමගි වනිතා බලවේගයේ ලොක්කියෙක් සමගි ජන බලවේගය නැමති පක්ෂය සම්පූර්ණයෙන් සියතට ගැනීමේ කූට සැලසුමක් සහ උත්සහයක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම පක්ෂයේ ප්‍රබලයෙකු ecast දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ඒ අනුව පසුගිය කාලය පුරාම වර්ධනය වු ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නුසුදුසු බවට වන සමාජය තුළ පවතින කතා බහ මේ වනවිට තීව්‍ර කිරිමට කටයුතු කරමින් සිටි.

ඒ සමඟම වෙනත් දූරදර්ශි දැක්මක් සහිත පුද්ගලයකු ජනාධිපති අපේක්ෂකයා කර සජිත් ප්‍රේමදාස පක්ෂ නායක සහ අගමැති තනතුර පමණක් දරමින් අනාගතයේ කටයුතු කිරීමට තීරණය කලයුතු බවට ජ්‍යේෂ්ඨ දේශපාලනික උපදේශකයින් සහ විචාරකයින් පෙන්වා දීමට පටන්ගෙන තිබේ.

අමුතු වීඩීයෝවක්….

මෙහි එක් පියවරක් ලෙස සමගි ජන බලවේගයේ ඉහලට ගත යුතු නායකයින් දස දෙනා පිළිබඳව වීඩීයෝවක් මේ වනවිට අන්තර් ජාලයට මුදාහැර තිබේ. එහි පිටපත රචනා කර ඇත්තේ සහ නිශ්පාදනය සිදුකර ඇත්තේ මාධ්‍ය ලොක්කා විසින් බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ අභ්‍යන්තර ප්‍රකාශකයකු අපවෙත තහවුරු කරන ලදී. එම වීඩීයෝවේ හරීන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් දැඩි ලෙස පහතට ඇද දමා තිබෙන අතර තමන්ට ඉහළට එසවීමට අවශ්‍ය අය ඉහලට ඔසවා තිබේ.

එම වීඩියෝවේ අංක එකට ඔසවා තැබිය යුතු යයි යෝජනා කරන්නේ ඉමිතියාස් බාකීර් මාකර්ව වන අතර හිරුණිකා, රෝහිණී කවිරත්න, එරාන් වික්‍රමරතන සහ හර්ෂ ද සිල්වා අනෙක් අය වෙයි. මෙම ලැයිස්තුවේ අවසානයට සිටින්නේ හරීන් සහ පාඨලී ය. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දේශපාලනය තුළත් සක්‍රීයම චරිත දෙක වන පාඨලී සහ හරීන් රාජපක්ෂලාට එලව එලවා පහර දෙද්දී රාජපක්ෂලාට විරුද්ධව ඇල්මැරුණු ස්වභවයකින් කටයුතු කරන ඉමිතියාස්ලා ව අංක එකට ඔසවා තබන වීඩියෝ නිෂ්පාදනය වන්නේ නිකම්ම නොවන බව බුද්ධිමත් පුරවැසියා අවබෝධ කරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේවා පිටුපස විශාල ඩීල් ක්‍රියාත්මක වන බවයි SJB පක්ෂයේ ප්‍රබලයා සදහන් කර ඇත්තේ. සමගි ජන බලවේගයේ ඩීල් කප්පිත්තන් වී ඇත්තේ වනිතා බලකා ප්‍රධානීයෙකු සහ පක්ෂයේ මුදල් මෙහෙයව වන අයෙකු වන බවත් හරීන් හෝ පාඨලී වැන්නෙකුට ලැබියයුතුව තිබූ විපක්ෂයේ ප්‍රධාන සංවිධයක ධූරය ලක්ෂ්මන් කිරිඇල්ලට හිමිවන්නේද මෙම ඩීල් කරුවන්ගේ මැදිහත්ව ජලනි ප්‍රේමදාස සමඟ දැමූ ඩීල් එකක ප්‍රතිපලයක් ලෙස බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඇයි ඉමිතියාස්ව අංක එකට ගේන්නෙ?

එම වීඩියෝවට හඬකවා ඇත්තේ ඉමිතියාස් ගේ බාලපුතා වන ඉන්සාෆ් ගේ මාධ්‍ය මිතුරු කණ්ඩායමේ සාමජිකයකු විසින් බවට ද මේ වනවිට තොරතුරු ලැබී ඇත. ඉමිතියාස් මාධ්‍ය ලොක්කාගේ ගජමිතුරකු වන අතර යහපාලන ආණ්ඩු සමයේ දෙදෙනාම රජයේ මාධ්‍යයට සම්බන්ධව සිටින ලදී. ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුව බිඳවැටුණේ මේ අය රාජ්‍ය මාධ්‍ය වගකීම නිසිලෙස ඉටු නොකල නිසාය. ඒ ගජමිතුරු කමේ ප්‍රථිපලයක් ලෙස මෙම වීඩියෝවේ අනාගත ජනාධිපති කලයුතු යයි යෝජනා කරන්නේ ඉමිතියාස් බවයි SJB ප්‍රබලයා සදහන් කර ඇත්තේ. සමගි තරුණ බලවේගයේ නායකත්වයට මයන්ත දිසානායක ඉවත්කර ඉමිතියාස් ගේ පුතා ඉන්සාෆ් පත් කිරීමේ උත්සහයක් පවතින බවට ද තොරතුරු ලැබී ඇති බවද ඔහු සදහන් කර තිබේ.

මාධ්‍ය ලොක්කාගේ බිරිඳගේ සහෝදරියත් අනාගත නායිකාවක් කරන සැලසුමක් තිබේන බවත් මෙම වීඩියෝව තුළින් රෝහිණී කවිරත්න හරීන් සහ පාඨලී පහතට දමා ඉහලට ගත යුතු බවට අමුතු යෝජනාවක් ද කර තිබේන්නෙ ඒ නිසා බවයි ඔහු සදහන් කරන්නේ.

විනාශ වන සමගී ජන බලවේගයේ හොදම 10 දෙනා සොයන විදිය