Last Updated on June 8, 2021 by Desman Chathuranga
සමගි ජන බලවේගය ඇතුළේ ගැටුමක් පවතින බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සියලුම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් සදහන් කරමින් යෝජනාවක් සම්මත කර ගත් බවට පලවන වාර්තා අසත්‍ය බව එම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු ecast දේශපාලන වාර්තාකරු සමග සදහන් කළා.
ඊයේ (07) පාර්ලිමේන්තුවේ අද (07) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සමගි ජන බලවේගය ඇතුළේ ගැටුමක් පවතින බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සියලුම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සිටින බව පවසමින් යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය බව කියමින් ලක්ෂම් ෆොන්සේකා නැමත්තා සහ අශෝක අබේසිංහ දිගින් දිගටම ඉල්ලිම් කර තිබේ.
කෙසේවෙතත් පක්ෂයේ දේශපාලනය කරන ජ්‍යෙෂ්ඨයන් සදහන් කර ඇත්තේ මාධ්‍ය වාර්තා මත පදනම් වෙමින් යෝජන සම්මත කිරිම අනවශ්‍ය බවයි.
නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ අතිජාත ඩීල් මිත්‍රයා වන ලක්ෂ්මන් ෆොන්සේකා විසින් සියලුම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් සදහන් කරමින් ලිපියක් සකස් කර එයට අත්සන් ගැනිම සදහා සුදානම් වී තිබේ.එයට සaජුවම විරුද්ධත්වය පලකල මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ලක්ෂ්මන් ෆොන්සේකාට බැන වැදී තිබේ.
බලයට සaජුවම කෑදර සජිත් ප්‍රේමදාස මහතාටද ඒ අකාරයේ යෝජනාවක් සම්මත කර ගැනිමට අවශ්‍ය වි තිබේන අතර පසුව රාජිත සේනාරත්න මහතා මන්ත්‍රී කණ්ඩායම් වෙත යෝජනාවක් ගෙන එමින් පවසා ඇත්තේ සමගී ජනබලවෙගය තුල සිටිමින් පක්ෂයක් ලෙස ගමන් කිරිමට මන්ත්‍රීවරුන් කටයුතු කරන බවට යෝජනා කරන බවයි.එම අවස්ථාවට පාඨලී චම්පික, රවුෆ් හකීම්, දිගම්බරම්, යන මන්ත්‍රීවරුන් සහභාගි වි සිටියද ඔහුන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නෑ.
පසුගිය කාලය පුරාම විවිධ ඩිල් දමමින් සිය පාක්ෂිකයින් පාවාදිම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ සහ ඔහුට ඉතාම සමීප ලක්ෂම් ෆොන්සේකා නැමැත්තේකු පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සදහා අනවශ්‍ය ලෙස මැදිහත් විම, සජිත් -සිරිසේන අතර ඇති ගණුදෙනු ඇතුලු කරුණු ගණනවක් සම්බන්ධයෙන් සමඟි ජනබලවේගය තුල අර්බුදයක් හටගෙන තිබුනා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ecast දේශපාලන වාර්තාකරු සමග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සදහන් කර ඇත්තේ ඉදිරියේදි පාර්ලිමේන්තුව තුල ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමට තමන්ගේ සුදානමක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි තීන්දුවවක් ගැනිමට කටයුතු කරන බවද ඔහුන් පවසා තිබේ.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ අතිජාත ඩීල් මිත්‍රයා වන ලක්ෂ්මන් ෆොන්සේකා, ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ මවුබිම පුවත් පත හරහා එම සිදුවිම පලකර තිබුනේ මෙසේය. අදාල පුවත් ලියා ඇත්තේ පහුගිය දිනවල SJB හී හොදම 10 දෙනා සේවිම සදහා මෙහෙයුමක් දියත් කල මාධ්‍ය ලොක්කේකු විසින් බව පුවත් පතේ මාධ්‍යවේදීයෙකු විසින් තහවුරු කර තිබේ.
අදාළ පුවත් පත් වාර්තාව සම්බන්ධයෙන් චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ලේකම්වරයෙකු වන ධනුෂ්ක රාමනායක සිය සමාජ ජාලාවේ සටහන් කර තිබුනේ …. “සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ අතිජාත මිත්‍රය ලක්ෂ්මන් ෆොන්සේකටයි, ගරු ටිරාන් අලස් මහත්තයටයි කරන්න පුලුවන් ලොකුම දේ. ලක්ෂ්මන් ෆොන්සේකලා 10 ක් විතර හොයාගත්ත නං ටිරාන් අලස් තව කාව කාව දණින් වට්ටයිද දන්නෙ නෑ..” යනුවෙනි.

More Stories
ලංකාවේ නවතම බදු රෙගුලාසියේ නොදකින පැති!
කිස් එකට ඇමති කම කැපකල මැට් හැන්කොක් සහ ලංකාවේ අලි සබ්රී!
අහු නොවෙන්න බිලියන 50 කට වඩා හොරකම් කරන හැටි!