Last Updated on June 23, 2021 by Panduka Herath
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිමත් සමග වාචීක ප්‍රශ්ණ සදහා පිළිතුරු දිමේ අවස්ථාව ආරම්භ වු අතර ඒ සමගම විපක්ෂයේ කිහිප දෙනෙකු සටන් පාඨ කියමින් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා වන අයුරින් කෑ ගසමින් සිටි. ඔහුන් විසින් විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ද රැගෙන විත් තිබේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධා මැදම ඉදිරියට සිදුකරගෙන යෑමය කතානායකවරයා කටයුතු කරමින් සිටි. විපක්ෂය විසින් වාචික ප්‍රශ්ණ රැසක් ඉදිරිපත් කර තිබුනද එම ප්‍රශ්ණ කිසිවක් ඔහු විසින් ඇසිමට කටයුතු කර තිබුනේ නෑ.
මේ වනවිටත් පාර්ලිමේන්තුව තුල විරෝධතා පැවැත්වෙමින් තිබේ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න