counter hit xanga

SJB සංවිධායක බක්කියේ ගිහින් කුඩුවේ ලගී!

සමගි ජනබලවේගයේ තරුණ බලවේගයේ නියෝජිතයෙකු වන කනිෂ්ක ද ලැනරොල් නැමැත්තා වන අතර ඔහු ඇතුලු තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

Last Updated on June 19, 2021 by Desman Chathuranga

තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද (19)දහවල් ගාල්ල පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ විරෝධතාව සංවිධානය කර ඇත්තේ සමගි ජනබලවේගයේ තරුණ බලවේගයේ නියෝජිතයෙකු වන කනිෂ්ක ද ලැනරොල් නැමැත්තා වන අතර ඔහු ඇතුලු තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

රජයට විරෝධය පල කරන දැන්විම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැගි පිරිස සිට ගාල්ල නගරයට ආසන්න වෙමින් සිටියදි සංචරණ සිමා උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.