counter hit xanga
March 26, 2023

ගම්මන්පිල එරෙහි විශ්වාසභංගය බාර දෙන්න ගොනා නැතුව එයි!

විරෝධතාව සදහා මන්ත්‍රීවරුන් පැමිණිමට නියමිතව ඇත්තේ පාපැදි හා ගොන් කරත්තවල පැමිණෙමින් වන බවට කලින් දැනුම් දි තිබුනද එය සිදුවුයේ නෑ.

Last Updated on June 22, 2021 by Desman Chathuranga

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (22) සමගි ජනබලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දිමට නියමිතයි.

විරෝධතාව සදහා මන්ත්‍රීවරුන් පැමිණිමට නියමිතව ඇත්තේ පාපැදි හා ගොන් කරත්තවල පැමිණෙමින් වන බවට කලින් දැනුම් දි තිබුනද එය සිදුවුයේ නෑ. ඒ වෙනුවට තමන්ගේ සුඛෝපභෝගි වාහන වලින් තෙල් ගසා ගනමින් වන අතර ඒ හේතුවෙන් මාධ්‍යවේදින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදයක්ද හටගත්තා.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යාලයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහි සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය දක්වාම විරෝධය පළ කරමින් පැමිණී අතර මගදිගට පොස්ටර් පෙන්වමින් සිය විරෝධයද පලකිරිමට කටයුතු කර තිබුනා.

විශ්වාසභංග යෝජනාවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු SJB මන්ත‍්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් අත්සන් තබා තිබේ.

විශ්වාසභංග යෝජනාවක් භාර දි දින පහක් ඇතුළත අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළ යුතු වේ.

අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වෙන් කර ඇති අතර, ඉන්පසු පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිතයි.

මාධ්‍යවේදීන් සහ විපක්ෂනායකවරයා අතර ඇතිවු සංවාදය….