counter hit xanga
October 27, 2021

සජිත්,ෆොනී ගැටුම උග්‍ර අතට! SJB තුනට කැඩේ!

Last Updated on June 6, 2021 by Panduka Herath

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයේ දී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව පෙනී සිටි ප්‍රබලයකු ලෙස වාර්තා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය දරුණු ලෙස විවවේචනය කරමින් සිටින බව SJB අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සජිත් ප්‍රේමදාස රහස් සබඳතා පවත්වන බවට අනාවරණය විමත් සමග මෙම අර්බුදය උග්‍ර අතට පත්ව තිබේන බවයි එම ආරංචී මාර්ග සදහන් කළේ.

පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙ කිසිදු අදහස් විමකින් තොරව සජිත් ආණ්ඩුවේ විරු සමරු උළෙලට සහභාගී වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා පසුව කල විමසිමකදි ප්‍රේමදාස මහතා Dont care පිළිතුරක් දි ඇති බවද වාර්තා වේ.

යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට රාජපක්ෂලා සමග කුමන්ත්‍රනකාරී ලෙස ක්‍රියාත්මක වූ මෛත්‍රීපාල සිරිසේන වැනි අයෙකු කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි අයෙකු බවත් එවැන්නකු සමග සජිත් ප්‍රේමදාස මහතා පවත්වන සබඳතා SJB හී බහුතරයකගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

සමගි ජන බලවේගය තුළ දැනට සිටින මන්ත්‍රීවරුන් අතුරින් පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය, දැක්ම, ක්‍රියාකාරිත්වය හා අන්‍යයන්ගේ අදහස් වලට කන් නොදීම පිළිබඳව කලකිරීමෙන් සිටින බව පැහැදිලිව දක්නට තිබේන අතර ඔහුන් කොටස් වශයෙන් ආණ්ඩුව සමගත්,43 සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා සමග මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිමට සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවටද මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

අප කල විමසිමකදි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ සහ ඇගේ මිතුරෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය සම්බන්ධයෙන් වූ අනවශ්‍ය මැදිහත්වීම් හා ක්‍රියාකාරකම් පක්ෂයේ බහුතරයකගේ කලකිරිමට හේතු වි ඇති බවයි.

තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න

-සකලබුජන් –