Last Updated on June 18, 2021 by Panduka Herath
රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.
ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කල අවසථාවේ සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ඔහුට නියෝග කර තිබේ.
ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි සජිත්ගේ සමගී ජන බලවේගයට සම්බන්ධ තරුණයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බව පෙන්වා දුන්නා.
“මුහුදුබත්වු X-Press Pearl නෞකාව රජය විසින් ගෙන්වාගෙන ගිල්වා දැමුවා … ” යනුවෙන් සටහන් කර තිබේ.
මහේස්ත්රාත්වරයාගේ ප්‍රශ්ණයකට පිළිතරු දෙමින් Facebook ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බවට සැකකරු පිලිගෙන තිබේ.
සුමුදු වෛද්‍යරත්න නැමති සමාජ මාධ්‍ය ක්‍රියාකරුවා සමගී ජනබලවේගයේ මඩ පිටු ගණනාවක් පවත්වාගෙන යන අයෙකු බව අනාවරණය වි ඇති අතර එම පක්ෂයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුගේ සමිපතමයෙකු ලෙසද ප්‍රසිද්ධ අයෙකි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න