Last Updated on April 18, 2021 by Panduka Herath
ලබන මස 4 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් SL Legends හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගි වන කොරෝනා අරමුදල් රැස් කිරීමේ පුණ්‍යාධාර ක්‍රිකට් තරගය සදහා ටී.එම්. ඩිල්ෂාන් සහභාගී නොවනු ඇති බව වාර්තා වේ. ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍යයට සදහන් කර තිබුනේ ඉන්දියාවේ පැවැති තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී හා දැනට පදිංචි ඔස්ට්‍රේලියාවේ දින 14 බැගින් නිරෝධායනය වීම හේතුවෙන් ඔහුට ක්‍රිඩා කිරිමට නොහැකි වනු ඇති බවයි.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගි වන කොරෝනා අරමුදල් රැස් කිරීමේ මේ තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායකත්වයට ඩිල්ෂාන් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු නම් වනු ඇතැයි ද කළමනාකරණ කමිටු සභාපතිවරයා සඳහන් කර තිබේ.
දැනටමත් අරවින්ද ද සිල්වා හා චමින්ද වාස් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට එක් වීමට කැමැත්ත පළ කර ඇති අතර සනත් ජයසූරිය ඉදිරියේදී සම්බන්ධ වන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඇතුළත් කණ්ඩායම ඉදිරියේදී නම් කිරිමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීයන්ගේ නිල කාලය පසුගිය 5 වැනි දින අවසන් වූ හෙයින් ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන ලබන මස 20 වැනි දින තෙක් අවශ්‍ය පරිපාලනමය කටයුතු උදෙසා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්කර තිබේ.
http://buystromectolon.com/ – can you buy stromectol over the counter
priligy at walgreens
plaquenil for covid
[url=http://cheapdrugs.store/#]over the counter erectile dysfunction pills[/url]