Last Updated on November 18, 2022 by Desman Chathuranga
පානදුර HQI හිරිහැර කළේ නෑ – පොලිස් කාන්තාවෝ පොලිස් ලොක්කන්ට කියති
නිරෑ ඩැනියෙල් සහ ප්‍රියන්ති ප්‍රනාන්දු ක්‍රියාකාරිනියන් දෙදෙනා පානදුරේදී අත්අඩංගුවට ගත්ත වෙලාවේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්ටෝ (පින්තූ) තමන්ට හිරිහැරයක් කළේ නැහැ කියල අතවරයට පත්වුණ පොලිස් කාන්තාවන් දෙන්න පොලිස් විමර්ශකයින්ට කියල.
ඒ දෙදෙනා පාගමනේ යෙදිල හිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ත්රස්තවාදීන්” කියල නම්කරල තියෙන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන මෙන් ඉල්ලමින්.
පොලිස් නිලධාරිනියන්ට කළ හිරිහැරය ගැන දැන් පොලිස් විශේෂ විමර්ශණ ඒක්කය විමර්ශණයක් ආරම්භ කරල. පොලිස් කාන්තාවන් දෙන්න පොලිස් ලොක්කන්ට කියල තියෙන්නේ ඒ වෙලාවේ තමන්ට කිසිම වේදනාවක් දැනුනේ නැහැ කියල.
උණුසුම අතරේ තමන්ගේ පිටුපසින් තල්ලු කරනවා වගේ හැඟීමක් දැනුණත්, පිටිපස්ස හැරිලා බලනකොට HQI මහත්තය දකින්න හිටියේ නැහැ කියලත් පොලිස් කාන්තාවෝ (WPC) දෙන්න කියල තියෙනව.
ඒ හැරුණම පින්ටෝ තමන්ගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කළේ නෑ කියල එයාල පොලිස් ලොක්කෝ ඉස්සරහ කිවුවලු.
රාජකාරි වෙලාවක මතුවෙන ඒ වගේ උණුසුම් තත්වයන් තුළ ඒ වගේ සිදුවීම් “සාමාන්‍ය දෙයක්” බව තමයි HQI චාමින්ද පින්තු විමර්ශකයින්ට කියල තියෙන්නෙ.
පොලිස් කාන්තාවො මෙහෙම කියන්නේ චමින්ද පින්තෝ ඒ දෙන්නගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරන වීඩියෝව මුළු රටම දැක්කටත් පස්සේ. සමහරවිට යුද්ධෙ කාලේ අපේ ගොඩක් දෙනා කිවුව වගේ ඒකත් “හදපු, ව්‍යාජ” (fake) වීඩියෝවක් වෙන්නත් බැරි නෑ.
“Sandeshaya by Saroj” නාලිකාවට ආරංචි වෙන විදියට පොලිස් කාන්තාවන්ට මෙහෙම බලපෑම් කිරීම පිටිපස්සෙ ඉන්නෙ කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන්. දේශබන්දුට ඒ හයිය ලැබෙන්නේ ටිරාන් අලස් නිසා.
කොහොම හරි පොලිස් කාන්තාවෝ දෙන්නගේ මේ කතාව නිසා දැන් අලුත්ම තත්වයකුත් මතුවෙලා.
පොලිස් කාන්තාවන් රාජකාරිය හරියට කළේ නෑ, ඒ නිසා තමා HQI පින්තුට බලෙන් ඒ දෙන්න තල්ලු කරන්න සිද්ද වුණේ කියල පොලිස් කාන්තාවන් දෙන්නට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් වීමෙත් හැකියාවක් තියෙන බවත් පොලිස් ආරංචිමාර්ග කියනවා.
UN එක ලඟදි හිරුණිකා අත්අඩංගුවට නොගත්තේ ඇයි? – ටිරාන් අලස් ගෙන් දෝස් මුරයක්
පොලිසිය මේ තරම් ප්රචණ්ඩත්වය මුදා හරිද්දීත්, රාජකාරි හරියට කළේ නෑ කියල පොලිස් ඇමති ටිරාන් අලස් ඉන්නේ කේන්තියෙන්. මිනිහ පොලිසියේ ලොක්කෝ ටිකක් ගෙන්නල ලොකු දෝස්මුරයක් දාල.
ටිරාන් අලස් පොලිසියට නියෝග දීල තිබිල තියෙන්නේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්න කියල.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවල එහෙම නොකළේ ඇයි කියල ප්‍රශ්න කළාම, එහෙම කළා නම් ඒක ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙනවා, අනික එහෙම කළා නම් ඒක නීති විරෝධි වැඩක් කියල පොලිස්පති චන්දන වික්‍රමරත්න උත්තර දීල.
මේ දවස්වල ටිරාන්ගේ දකුණු අත වෙලා ඉන්න දේශබන්දු ඇරුණම අනෙක් නිලධාරීනුත් ඉඳල තියෙන්නේ ඒ ස්ථාවරයේ.
නිරෑ ඩැනියෙල්, ප්‍රියන්ති ප්‍රනාන්දු දෙන්න ඇයි කොල්ලුපිටියේදී ඇරෙස්ට් කළේ නැත්තේ කියල ඊට පස්සේ ටිරාන් අලස් අහල. ටිරාන් නියෝග දීල තියෙන්නේ එහෙම.
ඒ වෙලාවේ පොලිස් නිලධාරීන් කියල තියෙන්නේ ඒක නීති විරෝධී වැඩක් කියල.
“එහෙම නම් කොහොමද පානදුරේදී ඇරෙස්ට් කළේ?” කියල ටිරාන් ඇහුවම ඒ දෙන්න පානදුරේදී ඇරෙස්ට් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි කියල එතන හිටපු කොළඹ ආරක්ෂාව භාර නිලධාරියෙක් පෙන්නලා දීල තියෙනව.
තමන් කටයුතු කරන්නේ නීතියට අනුකූලව බවත්, ඇමතිවරයාගේ වුණත් නීති විරෝධී නියෝග පිළිපදින්න සූදානම් නැති බවත් ඒ එඩිතර නිලධාරියා පොලිස්පති ඉදිරියේම ටිරාන් අලස්ට කියල.
ඒත් ටිරාන් කියල තියෙන්නේ නිතිය මොකක් වුණත් සිද්ද වෙන්න ඕනේ තමන්ට අවශ්‍ය දේ කියල.
මේ සිදුවීම නිසා මේ එඩිතර නිලධාරියාට ළඟදීම කොළඹින් පිටතට මාරුවක් ලැබීමට නියමිත බවත් “සංදේශයට” වාර්තා වෙනවා.
ඇත්තටම පොලිසියේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නගන අතරේම මේ වගේ එඩිතර නිලධාරීන් ආරක්ෂා කරගන්නත් අපේ හඬ නගන්න ඕනේ කියල මට හිතෙනවා.
– සරෝජ් පතිරණ (Saroj Pathirana)
More Stories
නැවුම් ජනවරම ලබාගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි – ජෙහාන් පෙරේරා
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ