counter hit xanga
October 18, 2021

මෛත්‍රී අතේ දියවි අවසන් වු ශ්‍රිලනීපයේ හතර බිරී කතා!

MY3 lankaecast

Last Updated on May 6, 2021 by Panduka Herath

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට ස්වාධීනව තරග කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඊයේ (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා සදහන් කලේ ගම් මට්ටම් බිම් මට්ටමේ සිටින මන්ත්‍රිවරුන්ට ප්‍රතිපාදන නොලැබීම පිළිබඳව විශාල දුක්ගැන්නවිල්ලක් වි ඇති බවයි.

“ඉදිරියේ ඇතිවන දේශපාලන වෙනස්වීම් සඳහා අපි ලෑස්ති වෙනවා. …අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න තමයි ලෑස්තිවෙන්නේ”

“අපි මේ සන්ධානය පසුගිය මැතිවරණ වලට පෙරාතුව මූලික එකඟතාවයන් අති කර ගත්තා. මේ වෙනකොට ඒ ගිවිසුම් කඩාකප්පල් වී තිබෙන්නේ. ඉල්ලීම් නොලැබීම හේතුකරගෙන අතෘප්තිකර භාවයක් ඇතිකරගෙන තිබෙනවා.”

ගම් මට්ටම් බිම් මට්ටමේ සිටින මන්ත්‍රිවරුන්ට ප්‍රතිපාදන නොලැබීම පිළිබඳව සෙසු පක්ෂවලත් මේ වගේම දුක් ගැන්නවිල්ලක් තිබෙන බවත් ඒ හේතුවෙන් සන්ධානයේ සිටින කුඩා පක්ෂ තැන් තැන්වල රැස්වෙලා කතා කරන බවත් ඔහු සදහන් කර තිබේ.

වංචාව, දූෂණය පිළිබඳව බරපතල කතිකාවන් තිබෙන බවත් ඉන් එකක් වැට් බදු චංවාව, දෙක බැඳුම්කර වංචාව, තුන මෑත කාලයේ සිදුවණ සීනි බදු වංචාව, ප්‍රධාන වංචා දෙකටම වඩා සීනි වංචාව විශාල බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මාධ්‍ය හමුවේදි පෙන්වා දි තිබේ.

ඒ හේතුවෙන් මේ වන විට පල්ලෙහා මට්ටමින් ගම් මට්ටමින් විශාල පීඩනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එල්ල වන බවත් ඔහුන් ස්වාධීනව මැතිවරණයට තරග කරන්න යැයි ඉල්ලා සිටින බවත් සදහන් කර සිටියා.

ශ්‍රිලනීපයේ බිම්මට්ටම!

මේ අකාරයේ පල්ලෙහා මට්ටමින් ගම් මට්ටමින් විවිධ ආකාරයේ යෝජනා ලැබෙන බවට තැන තැන මාධ්‍ය හමු තැබිම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මැතිවරණ සමයක් ආසන්නයේ ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි. ශ්‍රිලනිපය මේ මොහොතේ අර්බුදයකවත් නැත.මන්ද ඔහුන්ට අර්බුදයක් ඇති වන්නටවත් තරමට ගම් මට්ටමක් හෝ බිම්මට්ටමක් හෝ නොමැති විමය.

2015 ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පමණක් නොව ඒ වටා සංධාන ගතව සිටි සියලු පක්ෂ පාවා දෙමින් ආප්ප කා පක්ෂය මාරු කල, රටේ ජනතාවගේ ජිවිත සමග සේල්ලම් කිරිම නිසා පාස්කු ප්‍රහාරයක් දක්වා රටේ ජාතික ආරක්ෂාව බිදදැමු සිරිසේන වැනි අයෙකු සභාපතිකම දැරු සහ දරණ් පක්ෂයක් තවදුරටත් මේ පොළව මත තිබෙන්නට හැකියාවක් නැත. ඊට හොදම සහ ආසන්නතම උදාහරණය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එහි අවශේෂයන් සහිත සමගී ජනබලවේගයයි.ඒ සියලුම දෙනා රටේ ජනතාව බිල්ලට දුන් අප්‍රියෙල් 21 ප්‍රහාරයේ චුදිතයන් ය.

මෛත්‍රීගේ තුන් බිය!

ශ්‍රිලනිපයට ගම්මට්ටමේ,බිම්මට්ටමේ බලයක් නොමැති වුවත් මෛත්‍රීට ඇති එකම බලය ශ්‍රිලනිපය නැමති බොඩ් ලෑල්ල පමණී. ඔහු විවිධ් අවස්ථාව වල තමන්ගේ පැවැත්ම සදහා ලෑල්ල දැමිමට මෛත්‍රී දක්ෂය. මේ වනවිට මෛත්‍රීට සමීපතම තුන් බියක් ඇත.ඉන් පලමු වැන්න වන්නේ පාස්කු ප්‍රහාරය සදහා තමන්ට එල්ල වන චෝදනා සදහා පිලිතුරු සේවිමය. අනිත් අතට ජනාධිපති වි සිටිම හේතුවෙන් හීරේ නොගිහින් සිටියද රට හමුවේ,ජනතාව හමුවේ කිසිදිනක තමන්ට නිවැරදිකරුවෙකු වන්නට නොහැකි බව ඔහු හොදින්ම දනී.

දෙවැන්න තමන්ගේ බොඩ් ලෑල්ල එල්ලාගෙන සිටින මන්ත්‍රී පිරිස අඩු විමය. මන්ද නමට හෝ තමන්ගේ පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවේ ඡන්ද වලින් ජනතා නියෝජිතයන් වි සිටින කණ්ඩායම අඩුවිමකට ලක්වුවහොත් තමන්ට පවතින්නට විදියක් නොමැති විමයි. ඒ නිසාම මැතිවරණ ක්‍රමය වෙනස් විම,විශේෂයෙන්ම කොට්ඨාශ ක්‍රමවේදයක් ගෙන එමත්,අපේක්ෂකයන් තිදෙනෙකුට ඉඩ ලැබිමත් සම්බන්ධයෙන් ශ්‍රිලනිපය මේ වනවිට අන්ද මන්ද වි සිටිමය.

තුන්වැන්න තමන්ට නමට හෝ තිබේන ශ්‍රිලනීප බොඩ් ලැල්ල පවා වෙන එකෙකු විසින් ඩැහැගනි යන බියය.දිගින් දිගටම ශ්‍රිලනිප මුල් උරුමක්කරුවන් වන බණ්ඩාරනායකලා විටින් විට කරලියට පැමිණිම එම බිය තීව්‍ර කිරිමට සමත් වේ. ඇත්තටම ශ්‍රිලනිපයට සිරිසේනලා,මහාචාර්යවරුන් කියන අකාරයටම බලයක් තිබේ නම් බණ්ඩාරනායකලා මේ වනතෙක් ශ්‍රිලනීපය සිරිසේනලා අතේ ඉතුරු කරන්නේ ද නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ඉතිහාසය පුරාම බෙදීම් රැසකින් පිරුණ ඉතිහාසයක් සහිත දේශපාලන ව්‍යාපාරයකි. ශ්‍රිලනීපය ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහය තුළ ප්‍රබල සහ සක්‍රීය දේශපාලන බලවේගයක් වන නමුත් එම පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණ සියල්ල දේශපාලන සන්ධාන හෝ නිතරඟ ගිවිසුම් සහිත දේශපාලන ක්‍රියාමාර්ග හරහා උදාකරගත් පක්ෂයක් මිස තනි පක්ෂයක් ලෙස පැවැත්මක් නොමැති බව ඔප්පු කර හමාරය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නොමැත එය මෛත්‍රී පාලනය තුල දියවි අවසන් බව පිලිගෙන දේශපාලන කිරිම මෛත්‍රීට පමණක් නොව අනිත් අයගෙත් හිතසුව වනු ඇත.