Last Updated on May 7, 2021 by Desman Chathuranga
හිමිකරුවන් නොමැති ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කල ප්‍රකාශයත් සමග අසත්‍ය තොරතුරු පතුරුවමින්,මඩ ගසමින්,චරිත ඝාතනය කල සමාජ ජාල ඝාතකයන් කලබලයට පත්ව සිටින බව වාර්තා වේ.
හිමිකරුවන් නොමැති ෆේස් බුක් ගිණුම් අත් හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමති අලි සබ්රි මහතා සහ තමන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද පැවසූ ඔහු අනුමැතිය ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාව උදෙසා මෙවැනි පියවරයන් ගැනීම වැදගත් බවත් යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවන් පියවරයන් ගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ප්‍රමාණය සියයට 27ක් ආසන්න වශයෙන් ( ලක්ෂ 20ක් පමණ) ඇති බවයි.
එවැනි ගිණුම් නියාමනය සහ පාලනය කිරීමට රාජ්‍ය ව්‍යුහයේ පවතින ආයතන ඔස්සේ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පවතින නීති මත වැඩපිළිවෙළක් සැකසීම සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා සහ තමා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසනවා.
එවැනි හිමිකරුවන් නොමැති ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට, අන්තවාදයට, ජාතිවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණ පරපුර නොමඟ යවන විෂමාචාර සහ හොරකම්, මැරකම් වැනි සමාජ විරෝධි ක්‍රියාවන්ට ආධාර අනුබල දීම් වන බවට ආරක්ෂක අංශවල නිරීක්ෂණයන්ට ලක්ව ඇති බැවින් රටේ ජාතික ආරක්ෂාවට සහ යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවැනි පියවරක් ගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමැති සංගමයක් පිහිටුවා ගනිමින් විවිධ මාධ්‍ය නිවේදනය නිකුත් කරන රජීව් යසිරු කුරුවිටගේ නැමත්තා සිය නිවේදනයක් මගින් සදහන් කර ඇත්තේ හිමිකරුවන් නොමැති ලක්ෂ 20ක ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලතලයක් නැති බවයි.
උපුටා ගැන්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ මාධ්‍ය නිවේදනය …
මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු. තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.
උපුටා ගැන්ම අවසන් …
පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් යැයි ඔහුන් ප්‍රශ්ණ කරති. ලංකවේ භාවිතා වන Facebook ගිණුම් අතර නිසි හිමිකරුවන් නොමැති ගිණුම් තිබේද යන්න එම සංගමය නොදන්නේ නම් එය විශ්මයට කරුණකි.ඒ අනුව ඉතාම පැහැදිලි වන්නෙ රටේ මඩබලකාය මෙහෙයවන කණ්ඩායමේ ඔබ සංගමයද ගොදුරක් වි ඇති බවයි.
මන්ද සමාජ ජාලා පරිශීලනය කරන ඔනෑම අයෙකුගේ ගිණුමක අඩුම තරමින් නිසි හිමිකරුවන් නොමැති හෙවත් fake ගිණුම් ඔනෑ තරම් තිබෙන බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. ඒ අනුව අදාළ මාධ්‍ය නිවේදනය හරහා එම සංවිධානය උත්සා දරා ඇත්තේ සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. නමුත් දෛනිකව සමාජ මාධ්‍ය යොදා ගනිමින් විශේෂයෙන්ම fake ගිණුම් යොදා ගනිමින් සිදුවන අසත්‍ය ප්‍රචාරයන්,චරිත ඝාතනයන්,කප්පම් ගැනිම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම සංගමය විසින් අනාවරණය කිරිමට හෝ පිළිගැනිමට ලක්කිරිමට හෝ කටයුතු නොකිරීම හරහා ඔහුන්ගේ ඉලක්කය මනාව තහවුරු වි තිබේ.
අනිත් අතට ඉතාම දුර්වල විපක්ෂයට ඇති ප්‍රබලම ආයුධ වි ඇත්තේද මේ හදුනානොගත් සමාජ ජාල භාවිත කරන්නන් වන අතර ඔහුන්ගේ එකම ඉලක්කය වි ඇත්තේ සමාජය තුල වැරදි මතවාද ගොඩ නැගිම සහ ඒ හරහා විවිධ පුද්ගලයන් අපකීර්තියට පත්කිරිමය. එම තත්ත්වය පසුගිය කාලසීමාව් තුල බරපතල ලෙස දකින්නට තිබු අතර සියල්ලටම වඩා ජාතික ආරක්ෂාව ඉලක්ක කර එම අසත්‍ය පැතිරවිම රටේ ආරක්ෂාවට බරපතල ලෙස තර්ජනයක් වි තිබිම නොසලකා හැරිය නොහැක.
ෆේස්බුක් Facebook ඇතුළු අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවු අතර ඒ අනුව නව නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමව තිබේ. ඒ අනුව හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ප්‍රමාණය සියයට 27ක් පමණ ගිණුම් සම්බන්ධයෙන්ද තින්දුවක් ගැනිමට ආණ්ඩුව තීරණය කර තිබේ.
2015 දි බිහිවු යහපාලන ආණ්ඩුවද අවස්ථා ගණනාවකදි සමාජ ජාල පාලනය කිරිම සදහා විවිධ ක්‍රමවේද යෝජනා කලද එවා ක්‍රියාත්මක නොවිම කණගාටුවට කරුණකි.දැන් වත්මන් ආණ්ඩුව එම අවස්ථාව ලැබි තිබේ. අවසන් වශයෙන් කිමට ඇත්තේ හිමිකරුවන් නොමැති Facebook ගිණුම් සහ අන්තවාදී, ත්‍රස්තවාදීන් අතර වෙනසක් නැති බවය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ මාධ්‍ය නිවේදනය

https://buystromectolon.com/ – Stromectol
Priligy
generic cialis online purchase price of cialis 20 mg
ivermectin 3mg ivermectin 10 ml
cialis before and after pictures best price for daily cialis
https://diflucan.icu/# medication diflucan price
https://gabapentin.icu/# neurontin 800
clomid coupon clomid