Last Updated on October 1, 2022 by Desman Chathuranga
පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම බද්ද අය කෙරෙන්නේ රු. මිලියන 120ට වැඩි ව්‍යාපාරික වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් වන අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් වන අතර එමගින් රු. බිලියන 140ක ආදායමක් රජය අපේක්ෂා කරයි.
ඖෂධ, ඉන්ධන, LP ගෑස්, දේශීය නැවුම් කිරි, රබර්, කුරුඳු, විදුලි උත්පාදනය, ජල සැපයුම, සංචාරක සේවා, නිමි ඇඳුම්, සිනමා, මගී ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් මෙම බද්දෙන් නිදහස් වන බව සදහන් කලද මෙය සඟවා ජනතාව මත පටවන ලද බද්දක් බව තහවුරු වේ.මන්ද පිරිවැටුම මත පනවන බදු ව්‍යාපාරිකයින් සිය ලාභයෙන් නොගෙවන බවත් එය පාරිභෝගිකයා මත පටවන බව නොරහසකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර 2022 අයවැය මගින් මෙම බද්ද හඳුන්වා දෙනු ලැබුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?