Last Updated on June 1, 2021 by Desman Chathuranga
කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇතමෙක් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය අසාර්ථක බව පෙන්වීමට උත්සහ කළ ද රටේ මහජනතාව එවැනි ප්‍රචාරවලට හසුනොවී සාමකාමීව පැමිණ තමන්ගෙ මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 18ක පැවති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කිරීමට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇහැළියගොඩ බුලුගහපිටිය පිරිවෙණේ දී මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා.
එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මෙම එන්නත්කරණය සිදු කිරිම අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරනවා ඇති බවයි.
රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ ග්‍රාමසේවා වසමට එන්නත්කරණ වැඩසටහන එනකොට ග්‍රාමීය කමිටුව විසින් ලබාදෙන වේලාවට පැමිණ කිසිම කලබලයකින් තොරව එන්නත් ලබාගන්නා ලෙසයි.
“අපි මාධ්‍යයෙන් දකිනවා සමහර පැතිවල එන්නත්කරණ වැඩසටහන්වල විශාල කලබල ඇති කරගැනීමට උත්සහ කරනවා. නමුත් අපි එක් පැත්තකින් සතුටු වෙනවා ගම්වලට එනවිට යාපනයට යනවිට රත්නපුරයට යනවිට ගාල්ලට, මාතරට, කුරුණෑගලට යනවිට කොළඹ සමහර ප්‍රදේශවලට යනවිට ජනතාව ඉතාමත් සාමකාමීව අවබෝධයක් ඇතිව ලබාදෙන වෙලාවට පැමිණ මෙම එන්නත් ලබාගන්නවා. මෙම එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කිරීමට සමහරු උත්සහ කරනවා ඇති. “
“කලබල ඇතිකරමින් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මෙම එන්නත්කරණය සිදු කිරිම අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරනවා ඇති. නමුත් එහෙම දෙයක් නැහැ.යම් යම් හුදකලා සිදුවීම් සිද්ධ වෙලා තිබෙනවා. ඉදිරියට එම හුදකලා සිදුවීම් සිදුනොවිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.”





[url=http://cheapdrugs.store/#]prescription drugs without doctor approval[/url]
buy ivermectin ivermectin lotion for lice
https://cipro.best/# buy cipro online without prescription
https://gabapentin.icu/# neurontin 204
https://gabapentin.icu/# medicine neurontin capsules