Last Updated on June 3, 2021 by Desman Chathuranga
ගිනි ගැනීමට ලක්වූ X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් ඇතැම් පරිස් අසත්‍යය ප්‍රචාරණ ගෙන යාමට උත්සහ දරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මහනුවර මහයියාව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් දිලුම් අමුණුගම මහතා කියා සිටියේ “නැව් පිටින් කුණු ගෙනාපු අය දැන් නැව් ගැන කතාකිරීම විහිලුවක්” බවයි.
සාමාන්‍යයෙන් වෙනත් රටකට ඇතුලුවීමට නෞකාවකට අවශ්‍යය වන ලියකියවිලි සියල්ල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සතුව තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අදාළ නෞකාව අවශ්‍ය සියලුම අවසරයන් සමග පැමිණ ඇති නමුත් ගින්න හේතුවෙන් රටට සිදුවු හානීයට අදාල අයකර ගැනිම සිදුවන බවද අමාත්‍යවරයා සදහන් කළා.
නෞකාව හරහා සිදුවූ පරිසර හානිය අවම කිරීමට රජය විසින් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද දිලුම් අමුණුගම මහතා මෙහිදී කියා සිටියා.
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර