Last Updated on September 4, 2022 by Desman Chathuranga
දැන් sonic sonic ගැන කතා නැහැ,පාස්කු ප්‍රහාරයේ සුලමුල හොයන එක ගැන දැන් ඒකත් sonic sonic වෙලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
කටාන සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩලය අමතමින් විපක්ෂනායකවරයා සදහන් කළේ
“පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කිරීම. දැන් ඔය ලොකුවට රඟපාපු කට්ටිය ඔක්කොම හැංගිලා නේ ඉන්නේ. මොනවද මට ඔය ආරංචියි අර කිව්ව නේද සොනික් සොනික් කියලා. දැන් සොනික් හැංගිලා නේ. සොනික් කතා නැහැනේ. දැන් ඔක්කොම හැංගිලා. ඔක්කොම අස්සට ගිහිල්ලා. ඇයි , ඔක්කොටම වැඩිය වටිනවා පාස්කු ප්‍රහාරයෙ මොළකරුවන් හොයන එකට වඩා , ඒකෙ පිටිපස්සෙ හිටපු සැලසුම්කරුවන් හොයනවාට වඩා මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් වූ ජනතාවගේ ප්‍රාර්ථනාවන් වලට වැඩිය ලොකු දෙයක් තියෙනවා.”
“මොකක්ද? ඇමතිකම්. ඇමති අං තට්ටු ටික ඔළුවෙ දාගන්න එකයි, ඇමැති කටු වලට තියෙන ඒ ආදරය, කෑදර කම නිසා පාස්කු ප්‍රහාරයේ සුලමුල හොයන එක ගැන දැන් ඒකත් sonic sonic වෙලා. දැන් sonic sonic ගැන කතා නැහැ. දැන් කතා තියෙන්නෙ බොරු මායාවක් නිර්මාණය කරනවා රට හදන්න ඇමතිකම් ගන්නලු. අපි කියනවා රට හදන්නට රට ගොඩනගන්නට, ඇමතිකම් ඕනි නැහැ. හොඳ දේවල් වලට විපක්ෂයේ ඉඳගෙන උදව් කරනවා, වැරදි දේවල් වලට විපක්ෂයේ ඉඳගෙන විරුද්ධ වෙනවා. ඒක තමයි, අපේ ඉදිරි ගමන කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.”
“එසේ කියමින්, විශේෂයෙන්ම අපි පොරොන්දුවක් වෙනවා කිතුණු කතෝලික ජනතාවට, අපේ අති උතුම් කාදිනල් තුමාට වගේම මේ රටේ ප්‍රජාවට සමගි ජන බලවේග රජයක් තුළ නිර්ව්‍යාජ, විවෘත දේශපාලන ඇඟිලි ගැසීම් වලට ලක් නොවුණ බොහොම පිරිසිදු , අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සුලමුල මේ රටේ ජීවත් වන හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙන ආකාරයේ පරීක්ෂණයක් පවත්වනවා විතරක් නෙමෙයි , ඒවායේ මොළකරුවන් සියලුම දෙනාට , සහභාගීවූ සියලුම දෙනාට නීතිය යටතේ ලබා දිය හැකි දැඩි දඩුවම් පමුණුවන්නට අපි අනිවාර්යෙන්ම කැපවෙනවා, ඇප වෙනවා . “
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?