counter hit xanga
March 26, 2023

සිරසෙන් පටන්ගත් මාර පරාජය!

Last Updated on April 29, 2021 by Desman Chathuranga

සිරස මාධ්‍ය ජාලය අයත් මහරාජා සමුහයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වි තිබේන බවට තොරතුරු වාර්තා වේ. කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුර භාර ගැනිමට සුදානමක් පවතින බවටද මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

පහුගිය කාලසීමාවේ සිරස ප්‍රවෘත්ති ඇතුලු සිරස මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මහරාජා සමුහයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් දිගින් දිගටම සභාපතිවරයාට චෝදනා එල්ල වි තිබුනා.කෙසේවෙතත් සිරස නාලිකා හිමිකරු වන කිළී මහරාජා තමන්ට පක්ෂව කේළාම් කියන කණ්ඩායම් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් මිස අනිකුත් චෝදනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකර අයෙකු බවට ඉතාම ප්‍රසිද්ධය.

ඊයේ දිනයෙ ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිය සමාජ ජාලා පිටුවේ සටහනක් ද තබා තිබේ. එහි සදහන්ව ඇත්තේ “බොහෝ විවේචන තුළ සැඟව ඇත්තේ පැහැදිලි ඉරිසියාවයි” යනුවෙනි.

මේ අතර පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අයත් පුවත් සදහා සිරස නාලිකාවවැඩි කාල වෙළාවක් ලබාදිම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිරස ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකයන්ට විවිධ අකාරයෙන් බලපෑම් කර තිබේන බවට තොරතුරු අනාවරණය වි තිබේ. සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මේ අකාරයට බලපෑම් කර තිබේන බවයි මේ වනවිට තොරතුරු අනාවරණය වි ඇත්තේ.

මාර්තු 20 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා කල ප්‍රකාශක්ද මේ මොහොතේ මතක් කල යුතුය.

“දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහාගේ නිදහස නොවෙයිනේ. මාධ්‍ය නිදහස කියන්නේ ඒක නොවෙයි. ඒක මාෆියාවක්. මාධ්‍ය අයිතිකාරයාට ඕනෑ විදිහට රට දුවන්න හදනවා නම් ඒක මාෆියාවක්. ඒකයි වෙන්නේ. අපේ රටේ රජවරුත් නෑ මහාරාජලත් නෑ. මහා රාජලා හිටියෙ ඉන්දියාවෙ. මෙහේ මේ මාෆියාව රටවල් පාලකයො පාලනය කරන්න හදනවා. ඒව මාත් එක්ක බෑ. මං දන්නවා ඒවට පාඩම් උගන්වන්න ඕනෑ නම් උගන්වන විදිහත් මං දන්නවා. මං මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාස 14 ක් මං පාලනයක් කළා. කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් මං කරලා නෑ.”