counter hit xanga
August 12, 2022

පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!

Last Updated on June 24, 2022 by Panduka Herath

රට තුළ පැවැති අර්බුධකාරී තත්ත්වය හමුවේ වුවත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සංවිධානය කළ කහ පැහැති ඇඳුම් ඇඳ අවසන් තරගය නැරඹීමේ වැඩසටහන, බංකොලොත් දේශපාලනයක නිරත වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අද (24) කොළඹ නව නගර ශාලාවේ දී පැවැති වර්තමානයේ රට පත්ව ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම උදෙසා වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් ගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින් මේ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා වූ මාර්ග සිතියම පිලිබදව අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් අද (24) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.

මේ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජාතියම සතුටු වෙන අවස්ථාවක බංකොලොත් දේශපාලනයක නිරතවන පිරිස් පිළිබඳ ඇත්තේ දැඩි කළකිරීමක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.

අර්බුධ සමයක වුවත් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට, එම රජයට සහ ඔස්ටේ්‍රලියානු ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ගේ පැමිණීම අනෙක් රටවලට ආදර්ශයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ අපේ රටට දමා ඇති සංචාරක තහනම් ඉවත් කර නැවතත් අපේ රටට පැමිණෙන ලෙස විදෙස් රටවලට ආරාධනා කරන බව යි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් ආඩම්බර වන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව විසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘත ගුණ දැක්වීමට හදවතින්ම සංවිධානය කළ මේ ක්‍රියාව දේශපාලනීකරණය කිරීමට පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ අනෙකුත් සම්බන්ධිත නාලිකා දරණා උත්සාහය තරයේ හෙළා දකින බවයි.

තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ!

පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුර ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මෙරට විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු විසින් පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට අනාවරණය නොකරන්නේ ජාතික ආරක්ෂාව නිසා බවත් එහි සංවේදී කාරණා ඇති බවටත් කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කළ එකී ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එම තොරතරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ එම තොරතුරු සැඟවීමෙන් අනාවරණය වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය කාලයේ බහුජාතික සමාගම් සමඟ රහස් ගිවිසුම් රැසක නිරතව ඇති බවයි.