counter hit xanga
October 18, 2021

විපක්ෂයේ බොරු ගැන කතානායකගෙන් නිවේදනයක්! රන්ජන්ගේ අසුන නිසා SJB අර්බුදයක.

SJB lankaecast

Last Updated on April 18, 2021 by virajariyawansha

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු ප්‍රධාන විපක්ෂය රටතුල වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ ගත් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනයට වෙනත් අයකු පත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙසට බල කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසයන අසලට පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

කතානායකවරයාගේ තීරණයට විරුද්ධව එම මන්ත්‍රිවරු මුලින්ම පොත්පත්වලින් තම මේසවලට ගසමින් කෑ කෝ ගැසූ අතර ඔවුන් කතානායකවරයාගේ අසුන අසලට පැමිණියේ ඉන් අනතුරුවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) වගන්තිය යටතේ රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරිමට කතානායකවරයා කටයුතු කල බවට විපක්ෂය චෝදනා කලද එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඈ) වගන්තිය යටතේ බවද එම නිවේදනයෙන් පෙන්වා දි තිබේ. (කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිකුත් කල නිවේදනය පහතින් කියවන්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඈ) වගන්තියට අනුව කවර හෝ අධිකරණයකින් වරදකරුවෙකු විම මන්ත්‍රී ධුරය අහෝසි විමට හේතුවකි. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාල වගන්තින් පහලින් ඔබට කියවිය හැක.)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඈ)

CONS01

89 වැනි ව්‍යවස්ථාව

Cons02

මන්ත්‍රී ධුරය ගැන  SJB අර්බුදයක!

මේ අතර සමගි ජනබලවේගයේ හිස් වු පාර්ලිමේන්තු අසුන සදහා පත්කරන මන්ත්‍රී තොරා ගැනිම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේන බව වාර්තා වේ. සමාන්‍ය සම්ප්‍රදාය අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කල අපේක්ෂක ලැයිස්තුවේ නොතෙරුනු අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප ලාභියා පත්කල යුතුය. ඒ අනුව අජිත් මාන්නප්පෙරුමට එම මන්ත්‍රී ධුරය හිමි විය යුතුය. නමුත් මේ වනවිට එම අසුන වෙනත් අයෙකුට ලබාදිමට යෝජනා කර ඇති අතර පක්ෂයෙ පොදු මතය අබිබවා යමින් කිහිප දෙනෙකුගේ බලපෑම මත එය සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර SJB තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රන්ජන්ට අසාධාරණයක් සිදු බවත් ඒ හේතුවෙන් එම මන්ත්‍රී ධුරය දිගටම හිස්ව තැබිය යුතු බවත් යෝජනා කර තිබේ. මිට අමතරව SJB යට සහය දැක්වු බලවත් කාන්තාවන් දෙදෙනෙකුද මේ වනවිට එම මන්ත්‍රී ධුරය ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බවද පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිකුත් කල නිවේදනය

Ltter